ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.
මාස 9 ක් ඇතුළත දරුවන් මිලියන 116 ක් උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇතත් එම කාලය ඇතුළතදී කොරෝනා වසංගතය තුරන් වන බවට කිසිම ආකාරයේ තක්සේරුවක් මෙතෙක් කර නැත.
චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවන ලදි. ඇතැම් රටවල් ඇඳිරි නීතිය ඇතුළු දැඩි සීමා පැනවීය.
‘‘වසංගතය හේතුවෙන් අලුත උපදින දරුවන්ට සහ මව්වරුන්ට ලබාදෙන සෞඛ්‍ය පහසුකම්වලට බාධා එල්ල වෙන්න පුළුවන්’’ යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදෙයි.
‘‘කොවිඩ්-19 වසංගතය මැද්දේ දරුවන් මිලියන 116ක් (කෝටි 11.6ක්) උපත ලබාවී’’ යැයි යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාව මඟින් ඇස්තමේන්තු කර ඇත. ‘‘අම්මලාටත් අලුත උපදින බිලින්ඳන්ටත් දරුණු තත්ත්වවලට මුහුණ දෙන්න සිදුවේවි’’ යැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.
වැඩිම දරුවන් ගණනක් උපදිනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත්තේ ඉන්දියාවේය. ඉදිරි මාස නවයක කාලයේදී ඉන්දියාවේ දරුවන් මිලියන 20.1ක් උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත. චීනයෙන් මිලියන 13.5ක්, නයිජීරියාවෙන් මිලියන 6.4ක්, පාකිස්තානයෙන් මිලියන 5ක් සහ ඉන්දුනීසියාවෙන් මිලියන 4 ක් වශයෙන් දරු උපත් වාර්තා වනු ඇතැයි ද දැනට ඇස්තමේන්තු කර ඇත.
‘‘කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා හේතුවෙන් ජීවිත ආරක්ෂා කරන සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරු උපත්වලදී හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය සේවාවලට බාධා එල්ල වෙන්න පුළුවන්. මේ තත්ත්වය නිසා ලොවපුරා ගර්භණී අම්මලා සහ ඔවුන්ගේ දරුවන් මිලියන ගණනකගේ ජීවිත අවදානම පත්ව තිබෙනවා’’ යැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදෙල් විධායක අධ්‍යක්ෂ හෙන්රියෙටෝ ෆෝ සඳහන් කළාය.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මෙම ඇස්තමේන්තු කර ඇත්තේ මේ වසරේ මාර්තු 11 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා සති 40 ක කාලයටය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කළේ මාර්තු මස 11 වැනිදාය.
‘ද හින්දුස්තාන් ටයිම්ස් අනුග්‍රහයෙනි
055
COMMENTS
ගාන හදලා වැඩක් නැහැ. එළියට පහළියට යන්න බැරිව ගෙවල්වලට වෙලා ඉන්න ගමන් වෙන මොනවා කරන්නද? අපි උනත් වයසට නොගියානම් ඔය ගොඩේම තමයි.
දරුවෙකුට ජීවත් වීමට සුදුසු පරිසරයක් නොමැති ලෝකයකට දරුවෙකු බිහි කිරීමට පෙර කිහිපවරක් සිතා බැලීමට සුදුසු බවයි මගේ හැඟීම...
මේ වාර්තාවේ කියන්නෙත් ප්‍රභා කියනවා වගේ තමන්ගේ වත්තේ හිටවන අයට ලැබෙන දේ තමයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය එක එක දත්තයන් දිදී ඉන්නවා මිසක.., තමන්ගේ රාජකාරිය කරන පාටක් නෑ.
ඉතාලියේ මේ වකවානුවේ ලාභ ලබපු එක් කොටසක් තමයි භාණ්ඩ වෙළඳුන්.