කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
මෙලෙස හඳුනාගත් එක් පුද්ගලයකු ජර්මනියේ සිට සංචාර කර මෙරටට පැමිණි 41 හැවිරිදි පුද්ගලයෙකි.
අනෙක් පුද්ගලයන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි ලාංකිකයන් වන අතර ඔවුහු 43 සහ 37 හැවිරිදි වියේ පසුවෙති.
මින් එක් අයකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.
මේ වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන පස් දෙනෙකි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.