IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

( ඩයනා උදයංගනී) 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු  පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය.

මුළු ආසාදිතයින්ගේ  සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස්  තිබේ.

මැණික් ව්‍යාපාරිකයාගේ  දියණියගේ ,බිරිඳ  නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු  මෙම සිව් දෙනාට  ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි.

කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක්  පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක්  කාන්තාවන් බවද  අනිල් ජාසිංහ මහතා පැවසීය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා  සඳහන් කළේය.

 



අදහස් (8)

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයන්ගේ ගණන 59 දක්වා ඉහළට

sumith Thursday, 19 March 2020 11:39 AM

එතකොට අනික් දෙදනා කොහෙන්ද ?

:       0       0

siri Thursday, 19 March 2020 12:26 PM

දේශපාලුවන්ගේ බල කාමය වරකාපොල දැදිගම ජනතාව සහ මුළු රටම අනතුරේ හෙලා ඇති බව සංවේගයෙන් දැනුම් දීමට සිදුව ඇත." "තමන් කියන දේ අහන්නේ නෑ" යැයි අමුතු කථා කියන අය පාලනය රටක වෙන මොනවා නොවෙයිද ?

:       18       176

siri Thursday, 19 March 2020 02:03 PM

මේ අවධානම් අවස්ථාවේදී තීන්දු ගැනීමේ නොහැකියාව ප්‍රදර්ශනය කරන තවත් තීරණයක් බවත් පාලකයින් හට සහ උපදේශකයන් හට රාජ්‍ය පාලනය හෝ වෘත්තීය මට්ටමේ කළමනාකරණ හැකියාවක් ඇතිබවක් පෙනෙන්නට නැති තත්වයක් තුල හැම දේටම හමුදාව යොදා ගැනීම පමනක් දක්නට ලැබෙන බවත්" තමයි බොහෝදෙනා කියන්නේ.

:       100       287

ranjith Thursday, 19 March 2020 11:51 PM

නැවත මගී ගුවන් යානා රටට එන එක මෙම රෝග තත්වය පාලනය වෙනකම් නතර කරොත් හොඳයි නේද ?

:       0       0

ranaFriday, 20 March 2020 03:28 AM

බෑ නේ ! ලොක්කන්ගේ පැටව් ඇවිත් තාම අහවර නැනේ !

:       0       0

GalaparaFriday, 20 March 2020 05:46 AM

අපි මොන බලාපොරොත්තු තියන් මගුල් බෙර ගහල...පාවඩ දාල...බලාපොරොත්තු ගොන්නක් තියන් හිටියේ. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ.

:       0       0

Kumar Friday, 20 March 2020 01:34 AM

චීනය මැලේරියාවට දෙන පෙති ඉතා සාර්ථක ලෙස අත් හදා බැලුව වග කිව්වේ නැද්ද. ඇමරිකාවත් එම බෙහෙත් අත්හදාබලන්න පටන්ගත්තා.

:       0       2

Perera Friday, 20 March 2020 04:52 AM

මොකද්ද මිනිසාගේ ඔය කියන දියුණුවෙන් ඇති පලේ?? මෙහෙම ඇහැටවත් පෙනෙන්නේ නැති පුංචි වෛරසයක් නසාගන්න පුළුවන් කමක් නැහැ. ඒකට මොකද, හඳටත් ගිහින්ලු, 5g තාක්ෂනෙලු අරවා මේවා වැඩ කිඩ ගොඩයි. හැබැයි අද ලෝකෙම බඩ ගාන තත්වෙට වැටිලා. කාගේවත් පිහිටක් නැති ලෝකෙට දෙවියන්ගේ පිහිට විතරයි දැන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site