( ඩයනා උදයංගනී)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනකු පිළිබඳව අද අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (19) පැවසීය.
මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 59 දක්වා ඉහළ ගොස් තිබේ.
මැණික් ව්‍යාපාරිකයාගේ දියණියගේ ,බිරිඳ නිරෝධායන කඳවුරුවල සිටින දෙදෙනකු මෙම සිව් දෙනාට ඇතුළත් වේ. ඔවුන් දෙදෙනා ඉතාලියේ සිට පැමිණි දෙදෙනෙකි.
කොරෝනා ආසාදිත පුද්ගලයින් ගත් විට ඉන් 81% ක ප්‍රමාණයක් පිරිමි පුද්ගලයින් බවත්, 19% ප්‍රමාණයක් කාන්තාවන් බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.
රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේ අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
එතකොට අනික් දෙදනා කොහෙන්ද ?
දේශපාලුවන්ගේ බල කාමය වරකාපොල දැදිගම ජනතාව සහ මුළු රටම අනතුරේ හෙලා ඇති බව සංවේගයෙන් දැනුම් දීමට සිදුව ඇත." "තමන් කියන දේ අහන්නේ නෑ" යැයි අමුතු කථා කියන අය පාලනය රටක වෙන මොනවා නොවෙයිද ?
මේ අවධානම් අවස්ථාවේදී තීන්දු ගැනීමේ නොහැකියාව ප්‍රදර්ශනය කරන තවත් තීරණයක් බවත් පාලකයින් හට සහ උපදේශකයන් හට රාජ්‍ය පාලනය හෝ වෘත්තීය මට්ටමේ කළමනාකරණ හැකියාවක් ඇතිබවක් පෙනෙන්නට නැති තත්වයක් තුල හැම දේටම හමුදාව යොදා ගැනීම පමනක් දක්නට ලැබෙන බවත්" තමයි බොහෝදෙනා කියන්නේ.
නැවත මගී ගුවන් යානා රටට එන එක මෙම රෝග තත්වය පාලනය වෙනකම් නතර කරොත් හොඳයි නේද ?
චීනය මැලේරියාවට දෙන පෙති ඉතා සාර්ථක ලෙස අත් හදා බැලුව වග කිව්වේ නැද්ද. ඇමරිකාවත් එම බෙහෙත් අත්හදාබලන්න පටන්ගත්තා.
මොකද්ද මිනිසාගේ ඔය කියන දියුණුවෙන් ඇති පලේ?? මෙහෙම ඇහැටවත් පෙනෙන්නේ නැති පුංචි වෛරසයක් නසාගන්න පුළුවන් කමක් නැහැ. ඒකට මොකද, හඳටත් ගිහින්ලු, 5g තාක්ෂනෙලු අරවා මේවා වැඩ කිඩ ගොඩයි. හැබැයි අද ලෝකෙම බඩ ගාන තත්වෙට වැටිලා. කාගේවත් පිහිටක් නැති ලෝකෙට දෙවියන්ගේ පිහිට විතරයි දැන්.