(රංජන් කස්තුරි)

කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද ( 12) සොයා ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව එම රෝගියා  ශ්‍රී ලංකාවෙන්  හමු වූ   ලාංකික දෙවැනි කොරෝනා අසාදිතයා  වේ. 

ඔහු සමඟ ශ්‍රී ලංකාවෙන්  හඳුනාගත්  කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව  තුනකි. 

44 හැවිරිදි මෙම පුද්ගලයා මේ වන විට  අංගොඩ අයි.ඩී.එච් රෝහලේ  ප්‍රතිකාර ලබමින්  සිටින බවද අනිල් ජාසිංහ මහතා පැවසීය.

කොරෝනා වයිරසය වැළදී  තිබු බවට පෙරේදා ( 11) සොයාගත් සංචාර මග පෙන්වන්නා සමඟ මොහු නවාතැන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.