IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතව මියගිය බවට සැකයක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරොනා ආසාදිතව මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මත්තෙගොඩ  නිවාස සංකීර්ණයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.  මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1)  අලුයම මරණයට පත්වී තිබේ.

මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී  කාර්යාලය දැනුවත් කිරීමත් සමග  මහජන සෞඛ්‍ය  පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ  කළ පරීක්ෂණයට අනුව  මෙම මරණය කොරොනා  වැලදී මිය යන්නට ඇති බව ට සැක කරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මතා මහතා පැවසීය.

ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත්තේය.  පසුව  දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට  දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්තේය  ගත්තේය.

එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය  පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

මේ අතර වෛද්‍ය  පර්යේෂණායතනයේ  වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස  නිවැසියන්ට  උපදෙස් ලබා දෙන ලදී . එසේම නිවස හා  අවට විෂබීජ හරණයට ලක් කිරීමට ද පියවර ගත්තේය.



අදහස් (1)

කොරෝනා ආසාදිතව මියගිය බවට සැකයක්

මුණසිංහ Thursday, 02 April 2020 01:06 AM

මෙච්චර කියත්දිත් හොරෙන් සැගවී සිටීමේ ප්‍රතිඵල තමා මේ. හැංගිලා තොරතුරු වසන් කරගෙන ඉන්න අයත් මෙය හොදින් අවධාරනය කර ගන්න. ගෞරවාන්විත මරණයක් වෙන එකක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site