ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 323 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි.

තවත් පුද්ගලයකු සුවය ලබා පිටව ගොස් ඇති අතර, ඒ අනුව පුද්ගලයන් 105 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

 

 


(ප.ව - 5.30 වනවිට)

තවත් කොරෝනා අසාදිත පුද්ගලයින්  12  දෙනකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
 
ඒ සමඟ ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත සංඛ්‍යාව 322 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
 
පුද්ගලයින් 104  දෙනකු   මේ වන විට සම්පූර්ණ සුවය ලබා ඇති අතර  පුද්ගලයින් 7 දෙනකු මිය ගියහ.

මින් රෝගීන් 11 දෙනෙක් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක්වෙමින්  සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

අනෙක් රෝගියා පොලොන්නරුව රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටින අයෙකි.