ශ්රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, අද දිනය තුළ මේවනවිට ආසාදිතයන් ගණන 6කි.
මේ අතර, කොරෝනා ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් 40දෙනෙකු සුවය ලබා අද(25) රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, වැලිකන්ද මූලික රෝහලෙන් එක් පුද්ගලයකුද, කාත්තන්කුඩි මූලික රෝහලෙන් 9දෙනෙකුද, හෝමාගම රෝහලෙන් පුද්ගලයකුද, මිනුවන්ගොඩ රෝහලෙන් 15දෙනෙකුද, හම්බන්තොට රෝහලෙන් 7දෙනෙකු ද, තෙල්දෙනිය රෝහලෙන් 7දෙනෙකුද මෙසේ සුවය ලබා පිටව ගොස් තිබේ.
අද දිනයේදී සුවය ලැබූ පිරිසත් සමඟ මේ දක්වා කොරෝනා වයිරසයෙන් සුවය ලැබූවන් සංඛ්‍යාව 1602 දක්වා ඉහළ ගොස් ඇත.
සුවය ලැබූ මෙම පිරිස අතර විදේශිකයන් කිසිවකු වාර්තා නොවන බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
කෙසේවෙතත් මේ වනවිටත් 394ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
අද වනවිට 11 දෙනෙකු රෝගය ආසාදනය වීමෙන් මියගොසිනි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට