( ඩිල්ෂානි චතුරිකා දාබරේ සහ රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
අද දිනයේදී කෝරානා අසාදිතයින් 5 දෙනකු සොයාගෙන තිබේ.
අද උදෑසන වන විට පුද්ගලයින් 99 දෙනක් වාර්තා වී තිබිණි. ඊයේ දිනය තුළ පමණක් වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 10 දෙනෙකු හඳුනා ගනු ලැබිණි.
මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (අයි.ඩී.එච් රෝහල) රෝගීන් 86 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
මේ අතර කොරෝනා රෝගීන් බවට සැක සහිත රෝගීන් 229 දෙනෙකු අද පස්වරුව වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වූ බවද සෞඛ්‍ය අමාත්‍යංශය දත්ත වාර්තා සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.