IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


කොරෝනා ආසාදිතයින්ගේ කටයුතුවලට රෝබෝ තාක්ෂණය

(ශාන්ත ප්‍රදීප් කුමාර  කුලරත්න)

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොරොනා සැක  ආසාදිතයින්ගේ  දෛනික කටයුතු රොබෝ යන්ත්‍රයක් හරහා අද(28) සිට  සිදුකිරීම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරිණි.

මෙම රොබෝ යන්ත්‍රය  සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදනයක් වන අතර ඒ සඳහා ඇට්ලස් ආයතනය අනුග්‍රහය දක්වා ඇත .

පැය 24ක් තුල සවි කර ඇති මෙම   රොබෝ යන්ත්‍රය හරහා සිය දෙනෙකු යොදවා ලබා ගන්නා සේවාවන් ඉටු කරවා ගත හැකිය ..

ඒ අතර රෝගීන්ට ආහාර පාන හා ඖෂධ ලබා දීම ,රෝගියාගේ පණිවුඩ වෛද්‍යවරයාට ලබා දීම වෛද්‍ය වරයාගේ පණිවුඩ රෝගියාට ලබා දීම වාට්ටුව වාට්ටුවෙන් වාට්ටුවට හා රෝගියාගෙන් රෝගියා ළඟට ගමන් කිරීම ඇතුළු සේවාවන් රැසක් ඉටු කරවා ගත හැකිය..

තවද මෙම කාර්යය පරිගණක පද්ධතියක් හරහා සිදුවන අතර  ඊට අදාළ දත්ත යොමු කිරීමත් සමඟ සේවා ලබා ගැනීමට හැකිය..

එසේම මෙම රොබෝ යන්ත්‍රය භාවිතා කිරීමෙන්  වයිරසය  පැතිරීමට ඇති අවස්ථා මඟ හැරෙනා අතර ප්‍රතිකාර සඳහා යොමුවන කාර්ය මණ්ඩලයට  වැය වන අමතර පිය වැය  ඉතිරි කර ගැනීමටත් හැකිවන බවද  පැවසේ....

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවේ මෙවන් රොබෝ යන්ත්‍ර 50 හැකි ඉක්මනින් රජයට ලබා ගෙන කොවිඩ්  19 වෛරසයට ප්‍රතිකාර කෙරෙන , රෝහල් වලට ලබා දීමට පියවර ගන්නා බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ප්‍රාදේශීය ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික ජාගොඩ,හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.



 



අදහස් (1)

කොරෝනා ආසාදිතයින්ගේ කටයුතුවලට රෝබෝ තාක්ෂණය

jayath Saturday, 28 March 2020 12:07 PM

අගෙයි ජයවේවා...!!! කාට කාටත් මේ විදියට බලනකොට ට්‍රුම්ප් කාරයාගේ ජෙනරල් ඉලෙක්ට්‍රික් එකට වෙන්ටිලේටර් දෙන්නත් අපට පුළුවන් වෙයි ට්‍රුම්ප් කාරය පව් නේ මේ අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 134 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1072 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site