IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ

නිමාලි කහවල

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පළෙහි සේවයේ නියුතුව සිටි හොරණ, කඳන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළෙකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු පදිංචි නිවසේ සාමාජිකයින් ඇතුළුව ඔහු සමඟ සමීපව ඇසුරු කළ පවුල් තුනක සාමාජිකයින් සහ හොරණ ප්‍රදේශයේ වෙළඳසැල් 4 ක කාර්ය මණ්ඩල සේවකයින් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

අදාළ යුද හමුදා නිලධාරියා විදේශයන්හි සිට මෙරටට පැමිණි ලාංකිකයින් සම්බන්ධයෙන් ගුවන් තොටුපළේදී සමීපව කටයුතු කර ඇති බව පැවසෙන අතර, ඔහු නිවාඩු ලබා හොරණ, කඳන පිහිටි සිය නිවසට පැමිණ යළි සේවයට වාර්තා කිරීමේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි.

ඒ අනුව අදාළ හමුදා නිලධාරියාගේ පවුලේ සාමාජිකයින් ඇතුළුව තවත් පවුල් තුනක සාමාජිකයින් 15 දෙනෙක්ද, එම නිලධාරියා පැමිණි බවට හඳුනාගත් හොරණ නගරයේ වෙළඳසැල් හතරක සාමාජිකයින් 30 කට ආසන්න පිරිසක්ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවත්, ඉදිරියේදී ලැබීමට නියමිත ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි මහතා පවසා සිටී.

“එසේම අදාළ හමුදා නිලධාරියා එම වෙළඳසැල් වලට පැමිණි අවස්ථා වලදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නිවැරදි ආකාරයෙන් අනුගමනය කර ඇති බවත්, එම හේතුව නිසා ඔහුගෙන් වෙළඳසැල් වල ආශ්‍රිතයින්ට වෛරසය බෝවීමේ අවදානම අවම මට්ටමක පවතින බවත්, නමුත් එම අවම තත්ත්වයද ශුන්‍ය කිරීමේ අරමුණින් අදාළ වෙළඳසැල් වසාදැමීමට තීරණය කළ බවත්” වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා වැඩිදුරටත් පවසා සිටී.


 



අදහස් (2)

කොරෝනා අවදානමක් හේතුවෙන් හොරණ වෙළඳසැල් වැසේ

sanjeeva Sunday, 31 May 2020 08:59 AM

දැන් එතකොට TV කැමරාකාරයන්, මාධ්‍යකාරයන් ඇවිල්ලා මෙව්වා මුළු රටටම පෙන්නලා පොඩි ආතල් එකක් දෙන්නේ නැත්තේ ඇයි?

:       6       76

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 31 May 2020 09:06 AM

අප මීට පෙර අවස්ථාවන් ගණනකදී විදෙස්ගත අය ගෙන්වීමේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වය ගැන කරුණු උදාහරණ සහිතව පෙන්වා දුන්නා. සමහර දෙනා අපට අපහාස කළා. ඒත්, දැන්වත් පිටරට සිට පැමිණෙන අය ගැන මීට වඩා සුදුසු ක්‍රමවේදයක් අනුගමනය කරන්න...

:       3       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site