(එම්, සුසිල් ප්‍රියන්ත)
කොරෝනා වයිරසය ආසාදනය නොවී බේරීම සිටීම සඳහා ,ඉතාමත්ම පැරණි දේශීය ආයුර්වේද ඖෂධ යොදාගනිමින් සකස් කළ නව ඇදුමක් නිර්මාණය කිරීමට අම්බලන්ගොඩ ප්‍රදේශයේ දේශීය ආයුර්වේද වෛද්‍ය හිමිනමක් සමත්ව සිටිති.
අම්බලන්ගොඩ තිලකපුර ශ්‍රි භද්දිය ආශ්‍රමාධිපති දේශීය වෛද්‍ය ලෙල්ලෝපිටියේ භද්දිය හිමියන් මේ නව සොයා ගැනීම සිදුකර ඇති හිමියෝය.
දැනට දශක කිහිපයක් තිස්සේ සිටම මෙරට ශාක පත්‍ර හා ශාක පොතු ,මුල් වර්ගවලින් තෙල් සිද රෝග ගනණාවකටම හෙළ ප්‍රතිකාර කරන භද්දිය හිමියන් කොරෝනා ආසාදනයවීම වැළැක්වීම සදහා නිර්මාණය කර තිබෙන ඇඳුමට ශාක පත්‍ර හා ශාක පොතු 75 වර්ගයක් පමණ භාවිතයට ගත් බව ඒ හිමියෝ පැවසූහ.
අනතුරුව එය සිඳගෙන නව ඔසුවකින් සමන්විතවූ තෙලක් මේ සදහා භාවිතා කළ බව හිමියෝ කීහ .
සුදු කපු රෙද්දක් නව ඔසු තෙලෙහි හොදින් ගිල්වා රෙද්දට තෙල හොදට උරා ගැනීමට සලැස්වීමෙන් පසු මේ රෙද්දෙන් කොරෝනා ආසාදනයවීම වැළැක්විය හැකි පරිදි නව ඇදුම නිර්මානය කර තිබෙන බවත් මේ ඇදුම නිරෝධායනය සදහා යොමුකර ඇති අයට හා ඔවුන් සමඟ එකට සිටින අයට ඇන්දවීමෙන් මෙය අසාදනය වීම වළක්වා ගත හැකි වනු ඇති බවත් භද්දිය හිමියන්ගේ විශ්වාසයයි.
මේ පිළිබඳව තමාට දැඩි විශ්වාසයක් පවතින බවද උන් වහන්සේ පැවසූහ.
මෙය අත්හදා බැලීමට ඕනෑම අයෙකුට හෝ ආයතනයකට මෙම ඇඳුම ලබාදීමට තමා කැමති බවද උන්වහන්සේ තව දුරටත් පැවසූහ .




COMMENTS
ස්වාමීන් වහන්ස.. මෙම ක්‍රමයටම නාසය සහ මුඛ ආවරණයක් සැදීමට පුලුවන්ද ?
මොනවා හරි කරන එක නොකරනවට වඩා හොඳයි. එහෙත් මේ ඇඳුමෙන් මුව නාසය ආවරණය වෙන්නේ නැහැනේ. ඒකත් හිතුව නම් හරි. ආරක්ෂාව ශරීරයට පමණක් සීමා කරන්න බැහැ නේද?
මෙන්න නියම බුද්ධ පුත‍්‍රයෝ... මෙවැනි වටිනා දෙයක් කිරීම ගැන ගරුකළ යුතුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි...
අපේ හාමුදුරුවන්ගේ නිර්මාණය සහ සොයාගැනීම විශිෂ්ටයි. ඕා අපේ රටේ මිනිස්සුන්ට පයට පෑගෙන දුවිලි විතරවත් වටින්නේ නෑ. ඔබවහන්සේ ඕකට ටයි එකකුයි, සපත්තු කුට්ටමකුත් හදලා පෙට්ටියක දාා මේඩ් ඉන් ඉයුරෝප් කියලා ගහලා පෙන්වන්න එතකොට සමහරවිට බලාවී. අපේ මිනිස්සු මොනතරම් දේවල් සොයාගෙන ඉදීරිපත් කළාද ? ඒ මිනිස්සුන්ට මේ රටේ ඉන්න මැති ඇමතිලා සලකපු සැලකිල්ලට අද ඔවූන් ඉන්න තැන් සොයා ගන්නත් නෑ. ,අපි එතරම් ශ්‍රේෂ්ට ජාතියක්. ඔබ වහන්සේ උත්සාහයක යෙදෙන්න ඔය නව නිපයුම විදේශීය රටක මහත්මයෙකුට පෙන්වන්න මොකද ඔවුන් අපේ හෙළ වෙදකම ගැන දෑස යොමන් ඉන්නේ. අපිට ඉන්නේ සිංගප්රුවේ එළිසෙබෙත් එක ගැන දන්නා පිරිවරක්. අපේ හමුදුරුවන්ට මෙවැනි දෑ ඉදිරියටත් නිපදවීමට ශක්තිය,දිරිය, ලැබේවා ! අපේ ාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේා !