ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.
ඒ අනුව යුරෝපයේ මාරාන්තිකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් පමණක් එලෙස 66,000කට පමණ දිවි අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘‘වෙද්‍ය පාසලේ’’ සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතතනය මෙම පර්යේෂණය කර ඇත.
එහි දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් යුරෝපයේ පමණක් 151,680 දෙනකු මිය යා හැකි බව අනාවරණය වී තිබේ.
‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි.
පසුගිය වසරේදී වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය මුලින්ම නැගෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත විය.
ඉන් අනතුරුව බටහිර යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසය ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දහස් ගණනකට මරු කැඳවූහ.
වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.
ලබන ජූලි මාසය වනවිට මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇති ඉතාලිය සහ ස්පාඤ්ඤයටත් වඩා වැඩි මරණ ගණනක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත.
ඒ.එෆ්.පී.
055
2025 දෙසැම්බර් මස 04
480
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනාවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජිවිත අහිමි වන බව අධ්‍යයනයකින් හෙළි වෙයි
උත්පලා Saturday, 02 May 2020 04:21 AM
කළ කළ දේ.. පල පල දේ....
sunil perera Saturday, 02 May 2020 08:20 PM
සොබා දමින් න්‍යෂ්ටික අවි දරන්නන්ට එම අවි දරන්නන් විසින්ම දුන් චුටි තෑග්ග නිසා අවිහිංසක රටවලටත් හානි... තෝරු, මෝරු ගහගන්නකොට හාල්මැස්සන්ටත් හානි..
vidya Wednesday, 13 May 2020 06:08 PM
අපි කාටත් ,තම ජීවිතය කියන එක වටිනාම දෙයක්. එමනිසා මේ අවස්තාවේදී කරුණාව, දයාව, අනුකම්පාව , ඇතිවෙන විදිහට පරෙස්සම් වෙලා ඉන්න ඕනේ .