IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනාවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජිවිත අහිමි වන බව අධ්‍යයනයකින් හෙළි වෙයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජීවිත අහිමි වනු ඇතැයි නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

ඒ අනුව යුරෝපයේ මාරාන්තිකම තත්ත්වයට මුහුණ දීමට සිදුවනු ඇත්තේ බ්‍රිතාන්‍යයට බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත. 

කොරෝනා වසංගතයේ පළමු රැල්ලෙන් පමණක් එලෙස 66,000කට පමණ දිවි අහිමි වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ‘‘වෙද්‍ය පාසලේ’’  සෞඛ්‍ය ප්‍රමිතික සහ ඇගයීම් ආයතතනය මෙම පර්යේෂණය කර ඇත.

එහි දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් යුරෝපයේ පමණක් 151,680 දෙනකු මිය යා හැකි බව අනාවරණය වී තිබේ.

‘කොවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. 

පසුගිය වසරේදී වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ නව කොරෝනා වයිරසය මුලින්ම නැගෙනහිර ආසියාව පුරා ව්‍යාප්ත විය. 

ඉන් අනතුරුව බටහිර යුරෝපයට කඩා වැදුණු කොරෝනා වයිරසය ස්පාඤ්ඤය, ඉතාලිය සහ ප්‍රංශය ඇතුළු රටවල් රැසක දහස් ගණනකට මරු කැඳවූහ. 

වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානයට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

ලබන ජූලි මාසය වනවිට මේ වනවිට වැඩිම මරණ ගණනක් වාර්තා වී ඇති ඉතාලිය සහ ස්පාඤ්ඤයටත් වඩා වැඩි මරණ ගණනක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වනු ඇතැයි ද එම අධ්‍යයනයෙන් අනතුරු අඟවා ඇත. 

ඒ.එෆ්.පී. 

055



අදහස් (3)

කොරෝනාවෙන් බ්‍රිතාන්‍යයේ 66,000කට ජිවිත අහිමි වන බව අධ්‍යයනයකින් හෙළි වෙයි

උත්පලා Saturday, 02 May 2020 04:21 AM

කළ කළ දේ.. පල පල දේ....

:       109       845

sunil perera Saturday, 02 May 2020 08:20 PM

සොබා දමින් න්‍යෂ්ටික අවි දරන්නන්ට එම අවි දරන්නන් විසින්ම දුන් චුටි තෑග්ග නිසා අවිහිංසක රටවලටත් හානි... තෝරු, මෝරු ගහගන්නකොට හාල්මැස්සන්ටත් හානි..

:       1       1

vidya Wednesday, 13 May 2020 06:08 PM

අපි කාටත් ,තම ජීවිතය කියන එක වටිනාම දෙයක්. එමනිසා මේ අවස්තාවේදී කරුණාව, දයාව, අනුකම්පාව , ඇතිවෙන විදිහට පරෙස්සම් වෙලා ඉන්න ඕනේ .

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site