( එම් .සුසිල් ප්‍රියන්ත )
කොරෝනා වසංගතය නිසා සිය බල ප්‍රදේශයේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අද (12 ) අම්බලන්ගොඩ නගර සභාව රුපියල් ලක්ෂ හැටපහක් වෙන් කිරීමට පියවර ගත්තේය.
ඒ නගර සභා සභාපති නීතීඥ අරුන ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12 ) පෙරවරුවේ අම්බලන්ගොඩ මහජන පුස්තකාලයීය දෙමහල් රැස්වීම් ශාලාවේ පැවති විශේෂ සභා රැස්වීමේදී මේ තීරණය ගනු ලැබුවේය.
සිය බල ප්‍රදේශයේ ඇති කොට්ඨාස දහතුනනේම අඩු ආදායම්ලාභී පවුල් ආවරණය වන පරිදි මේ සහන ලබාදීමටද මෙහිදී තිරණය කෙරුනු අතර එක් කොඨාසයකට රුපියල් ලක්ෂ පහක් බැගින් මේ රුපියල් ලක්ෂ හැටපහ අම්බලන්ගොඩ නගර සභාව විසින් තීරණය කරන ලදි .
කොරෝනා ඇදිරි නීතිය නිසා නිවසටම කොටුවී සිටින සිය බල ප්‍රදේශයේ ජනතාවට වියලි ආහාර ,එලවලු ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ලබා දීමටද මෙහිදී වැඩි දුරටත් මෙහිදී තීරණය කෙරිණ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.