IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොරෝනාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයක්

ලෝක ආර්ථිකය කඩා වට්ටමින් ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් කිරීම සම්බන්ධයෙන් එම සංවිධානයේ සාමාජික රටවල් එකඟතාව පළ කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සත්‍ය වසං කළ බවත් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බවටත් ඇතැම් පාර්ශවවලින් චෝදනා එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි ලෙස විවේචනය කරන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ඉතිහාසයේ පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික ලෝක සෞඛ්‍ය සමුළුව අන්තර්ජාලයේ සහාය ඇතිව විඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (18) පැවැත්විණි. චීන ජනාධිපති ෂී ජින්පින්ග් ද එම සමුළුව අමතමින් චීනය විනිවිදභාවයෙන් සහ විවෘතව කටයුතු කළ බව ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට යෝජනාවක් ඉදිරිපත් ව තිබූ අතර ඒ අනුව ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් ‘‘අපක්ෂපාතී, ස්වාධීන සහ පුළුල් ඇගයීමක්’’ කරන ලෙස ඉල්ලමින් අදාළ යෝජනාව ඉදිරිපත් වී තිබිණි. කොවිඩ්-19 වසංගතයට සහ ඒ නිසා ඇති වූ ජාත්‍යන්තර අර්බුදයටත්, ඊට ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළුව දැක්වූ ජාත්‍යන්තර සංවිධානය සම්බන්ධයෙනුත් මේ අනුව විමර්ශනය කෙරෙනු ඇත.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූවා යැයි සැලකෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල් සහ පරිපාලන ප්‍රදේශ 219කට අධික සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් ලක්ෂයකට ආසන්න වී ඇත. ලොව පුරා ‘කොවිඩ්-19’ වසංගතය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව අද (19) පස්වරු 6.30 වනවිට 49,20,449ක් වූ අතර වයිරසය ආසාදනය වී සුව වූ සංඛ්‍යාව 19,28,023ක් විය. ගෝලීය වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 3,20,675ක් විය.

රොයිටර්/ඒ.එෆ්.පී.

055



අදහස් (0)

කොරෝනාවට ලෝක සෞඛ්‍ය සංවිධානය දැක්වූ ප්‍රතිචාරය ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site