(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ මේ දින වල සීඝ්‍රයෙන් ව්‍යාපත්වන කොරෝනා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා ඔහුගේ දියණිය මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට භාර වී ඇත.
එම පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.
අනතුරුව වයිරසයේ දැඩි අවදානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.
කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇත. එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සද්ක්‍රියාවක්.., එනමුත් ඔවුන් ලංකාවේ පුරවැසියන්, යුද්ධයෙන් අනාථ ඔවුන්ට මොන නීති මාර්ගද? කුඩු, ගංජා, නීති විරෝධීව රට ඇතුළටම එන්නේ...
එයාලා ඇවිල්ලා පොලීසියට බාර වෙනකම් මොකද කලේ? තව ඔයවගේ කීදාහක් ඒවිද?
ලංකාවෙන් ඉන්දියාවට, ඉන්දියාවෙන් ලංකාවට. කොහොම වුණත් ඉන්දියවෙන් රෝග නම් ගන්න එපා. ශ්‍රී ලංකා නාවික හමුදාව නොදැක්කේ කොහොමද?
ඇවිල්ලා බාර වුණු නිසා ඉක්මන් කරලා ඒ මනුස්සයාගේ දුවයි බිරිඳයි ගෙන්නලා දීලා පොඩි නිවහනකුත් හදලා දෙන්න. යුද්ධය කාලේ ලංකාවට එරෙහිව ඉන්දියාව මෙහෙයවන්න කොටි සංවිධානය උතුරේ ජනයා විටින්විට ඉන්දියාවට පලවා හැරියා...
අවුරුදු 30ක් ඉන්දියාවේ ජීවත්වෙලා, යුද්ධය ඉවර වෙලා අවුරුදු 11ක් වෙනවා.. ඉන්දියාවේ කොරෝනා පැතිරෙන කොටද ලංකාව මතක් වෙන්නේ..?
අර ට්‍රම්ප් වගේ හිතන්න එපා. ඒත් මනුස්සයෝ, මැරෙන්න හරි කියල එන්නේ තමන්ගේ දරු පවුල බේරගන්න. පියෙක් තමන්ගේ පවුලට දෙන සෙවන මේකයි. ඒ පියාව හැකි ඉක්මනින් නිරෝධායනය කරලා හැකිනම් අනික් දරුවත් බිරිඳත් රැගෙන එන්න අවස්ථාවක් දෙන්න. ඔය කියන දේශසීමා දරුකක්කුම ඉදිරියේ වැඩක් නැහැ. ඔවුන් රට ඇත හැර පලාගියේත් දරුවන් සහ සිය පවුල බෙරාගැනීමට නොවේද?
මෙහෙම ගියොත් මීළඟට කොරෝනා බෝවෙන්නෙ බෝට්ටුවෙන් එන අයගෙන් ධීවරයොත් ඉන්දීය බෝට්ටු සමග විවිධ ගනුදෙනු තියෙන්න පුළුවන්. සෙවිල්ලෙන් ඉන්න ඕන...