IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වහයි

( පුෂ්පකුමාර ජයරත්න )

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ  හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

අද සවස 5.00 සිට එම ඒකකය සම්පුර්ණයෙන්ම වසා දමා විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය .

මෙම පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවන කොරෝනා ආසාදිතයා හඳුනාගත් කටුපොත ප්‍රදේශයට යාබදව පිහිටි සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත . ඔහු ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කරගන්නා හදිසි ප්‍රතිකාර ඒකකයේ බොහෝ වේලාවක් ගතකර තිබූ බවද එහි ක්‍රියාත්මක එක්ස් කිරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .

මෙම සැකසහිත තත්ත්වය හමුවේ ඔහු කොරෝනා රෝගියෙකුදැයි හඳුනා ගැනීම සඳහා රෝහලේ කොරෝනා රෝග ප්‍රතිකාර ඒකකයට ඇතළත් කළ බවද ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාව ලැබෙනතෙක් සැකසහිත බැවින් ඔහුට ප්‍රතිකාර කළ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා 24ක් පමණ වන එහි සම්පුර්ණ කාර්ය මණ්ඩලයම ඉවත් කළ බවද ඒ මහතා පැවසීය .

මෙම පුද්ගලයා තමන්ට උණ සහිත රෝගී තත්ත්වයක් තිබෙන බව සඟවා වෙනත් රෝගී තත්ත්වයන් පවසා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.



අදහස් (9)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වහයි

rama Thursday, 09 April 2020 01:16 PM

උණ සහ පපුවේ අමාරුව වෙන්කරගන්න බැරි ලෙඩ්ඩු ලංකාවේ...

:       3       33

ගල්කටස් Thursday, 09 April 2020 01:35 PM

මේ වගේ වගකීම් විරහිත මිනිසුන් කරන වැඩ නිසා මුළු රටක් අගාධයකට ඇද දමනවා.ඇයි බයවෙන්නේ. මෙය වෛරස් රෝගයක් මිස වෙනත් දෙයක් නෙමේ. තමනුත් රැකිලා අන් අයවත් රකින්න කටයුතු කිරීම අප සැමගේ යුතුකමයි. මෙවන් වැඩ කිරීමෙන් වෙන්නේ අපිට බෙහෙත් කරන්න ඉන්න ⁣සෞඛ්‍ය කාර්යය මණ්ඩල අඩු වීම පමණි.

:       0       10

සනත් Thursday, 09 April 2020 03:00 PM

හදිසි ප්‍රතිකාර ඒකකයට එනකොටම ශරීර උෂ්ණත්වය බලන්න අනිවාර්ය කරල තියෙනවා.

:       0       9

upali Thursday, 09 April 2020 03:19 PM

ඔය එන හැම රෝගියෙක්ම උණ පරික්ෂාව මුලින්ම කළානම් හොදයි නේද ?

:       0       18

Siyambalagaskotuwa Thursday, 09 April 2020 03:32 PM

බොරු දාලා මිනිස්සු අවුස්සන්න ඵපා. මමත් ඒ පළාත ආශ‍්‍රිත කෙනෙක්... එයාට අවුරුදු 70 කට වැඩියි. හැම මාසෙකින් එයා රෝහලට ගියා. හෘදයාබාධයකින් වැලඳී කෙනෙක්...

:       115       134

සරසී Thursday, 09 April 2020 03:50 PM

ඔය වගේ එවුන් ආවම මීට පස්සේ ලනුවකින් ගැටගහන්න.

:       18       3

kalum Thursday, 09 April 2020 04:11 PM

අනේ කරුණාකර මේ හදිසි ප්‍රතිකාර ඒකක වලට ශරීරයට අත නොතබා උණ දැයි දැන ගත හැකි උපකරන (අර හැම විටම පිටරටවල නලලට තබනු පෙනෙන ඒවා) ලබා දෙන්න.

:       0       12

Asoka Thursday, 09 April 2020 04:50 PM

සෞඛය බලධාරීන්ට අපගේ උපදෙස් අවශ්‍ය නොමැති බව දනිමි. එහෙත් රෝගීන්ගේ මේ ක්‍රියා කලාපය නිසා හැම රෝගියාගේ ම උන පරීක්ෂා කලොත් නේද හොඳ? විශේෂයෙන් ඔවැනි රෝග ලක්ෂණ කියා පාන රෝගීන්ගේ....

:       0       22

Siyambalagaskotuwa Friday, 10 April 2020 09:47 AM

අන්න රිපෝර්ට් එක ඇවිල්ලා....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 498 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 307 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site