( පුෂ්පකුමාර ජයරත්න )
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියකුගෙන් කොරෝනා වයිරසය ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා ඔහුට මුලික ප්‍රතිකාර කළ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
අද සවස 5.00 සිට එම ඒකකය සම්පුර්ණයෙන්ම වසා දමා විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය .
මෙම පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් දෙවන කොරෝනා ආසාදිතයා හඳුනාගත් කටුපොත ප්‍රදේශයට යාබදව පිහිටි සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි . ඔහු අද පස්වරු 1.00 ට පමණ හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇති අතර ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත . ඔහු ඒ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කරගන්නා හදිසි ප්‍රතිකාර ඒකකයේ බොහෝ වේලාවක් ගතකර තිබූ බවද එහි ක්‍රියාත්මක එක්ස් කිරණ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර පවා ලබාගෙන ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය .
මෙම සැකසහිත තත්ත්වය හමුවේ ඔහු කොරෝනා රෝගියෙකුදැයි හඳුනා ගැනීම සඳහා රෝහලේ කොරෝනා රෝග ප්‍රතිකාර ඒකකයට ඇතළත් කළ බවද ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාව ලැබෙනතෙක් සැකසහිත බැවින් ඔහුට ප්‍රතිකාර කළ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා 24ක් පමණ වන එහි සම්පුර්ණ කාර්ය මණ්ඩලයම ඉවත් කළ බවද ඒ මහතා පැවසීය .
මෙම පුද්ගලයා තමන්ට උණ සහිත රෝගී තත්ත්වයක් තිබෙන බව සඟවා වෙනත් රෝගී තත්ත්වයන් පවසා ඇති බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය.
COMMENTS
උණ සහ පපුවේ අමාරුව වෙන්කරගන්න බැරි ලෙඩ්ඩු ලංකාවේ...
මේ වගේ වගකීම් විරහිත මිනිසුන් කරන වැඩ නිසා මුළු රටක් අගාධයකට ඇද දමනවා.ඇයි බයවෙන්නේ. මෙය වෛරස් රෝගයක් මිස වෙනත් දෙයක් නෙමේ. තමනුත් රැකිලා අන් අයවත් රකින්න කටයුතු කිරීම අප සැමගේ යුතුකමයි. මෙවන් වැඩ කිරීමෙන් වෙන්නේ අපිට බෙහෙත් කරන්න ඉන්න සෞඛ්‍ය කාර්යය මණ්ඩල අඩු වීම පමණි.
හදිසි ප්‍රතිකාර ඒකකයට එනකොටම ශරීර උෂ්ණත්වය බලන්න අනිවාර්ය කරල තියෙනවා.
ඔය එන හැම රෝගියෙක්ම උණ පරික්ෂාව මුලින්ම කළානම් හොදයි නේද ?
බොරු දාලා මිනිස්සු අවුස්සන්න ඵපා. මමත් ඒ පළාත ආශ‍්‍රිත කෙනෙක්... එයාට අවුරුදු 70 කට වැඩියි. හැම මාසෙකින් එයා රෝහලට ගියා. හෘදයාබාධයකින් වැලඳී කෙනෙක්...
ඔය වගේ එවුන් ආවම මීට පස්සේ ලනුවකින් ගැටගහන්න.
අනේ කරුණාකර මේ හදිසි ප්‍රතිකාර ඒකක වලට ශරීරයට අත නොතබා උණ දැයි දැන ගත හැකි උපකරන (අර හැම විටම පිටරටවල නලලට තබනු පෙනෙන ඒවා) ලබා දෙන්න.
සෞඛය බලධාරීන්ට අපගේ උපදෙස් අවශ්‍ය නොමැති බව දනිමි. එහෙත් රෝගීන්ගේ මේ ක්‍රියා කලාපය නිසා හැම රෝගියාගේ ම උන පරීක්ෂා කලොත් නේද හොඳ? විශේෂයෙන් ඔවැනි රෝග ලක්ෂණ කියා පාන රෝගීන්ගේ....
අන්න රිපෝර්ට් එක ඇවිල්ලා....