( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහා අද (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබීමේ සිද්ධියක් වාර්තාවේ .
මෙම පූජාව සඳහා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න විශාල පිරිසක් සහභාගි වී සිටි බවද ඇඳිරි නීති රෙගුලාසි සහ රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිරීතිද උල්ලංඝනය කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවට කුරුණෑගල කතරගම දේවාලයේ පාලක මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය .
මෙම පිරිසේ කිසිවකු රජය විසින් පනවා ඇති සෞඛ්‍ය නීතිරීති අනුව මුඛ ආවරණ පවා පැළැඳ නොසිටි බවද ඔහු පැවසීය .
මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නද එම ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම නීතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවටද එම නිලධාරියා චෝදනා කළේය .
ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දිනපතාම දෙවරක් දේවාල අභ්‍යන්තරයේ දේව පූජාව ඉටු කළද බැතිමතුන් සඳහා දේවාලය විවෘත නොකරන අවස්ථාවක මෙම පිරිස බලෙන් පූජාවක් පවත්වා ඇති බවද ඔහු සඳහන් කළේය .
COMMENTS
රටම උවදුරක ඇති වෙලාවක සියල්ල නොතකා බලෙන් මේක කරන්න ඇත්තේ...ස්ථිරවම මළපෙරේතයෙක් සහ ඒ පිසාචයින් ටික වෙන්න ඇති.. ඒ හින්දා වෙන්න ඇති පොලිසිය පියවරක් ගන්න නැතුව ඇත්තේ... ?
දේවාල ගානේ යන මිථ්‍යාව කියන එකේ එල්ලී ගත්ත එවුන් කුරුණෑගල වගේ නගරයකත් තවම ඉන්නවා නේද? මෙහෙමත් රටක්... දෙවියන් කියලා ජාතියක් ඉන්නවා නම් පිහිට ඉල්ලලා මේ වසංගතයෙන් රට මුදා ගන්නේ නැත්තේ මොකද?
දේවාල වල දෙවියෝ නැහැ. ඒ හින්දා කතරගම දෙවියන්ට නෙමෙයි මේ පිරිස, අජිත් රෝහණ ඩීඅයිජී මහත්තයාට බාරයි. දැන් රෝග ලක්ෂණ පහළ වෙන්නැති ආසාධිතයෝත් ඉන්න නිසා... බලමු මේ ගොල්ලොයි, කපුවන් ටිකයි ආපු වාහනයි ඔක්කොම, අර කලින් මේ වැරදි කරපු නිසා අත්අඩංගුවට අරන් ඉන්න.. 22,000කටත් වඩා වැඩි පිරිසට එකතු වෙයිද? වහාම දින 21ක නිරෝධායනයට යවයිද? උසාවි ගෙනියයිද කියලා. චෝදනා පත්‍රය දිගයි. ඇඳිරි නීතිය කඩ කිරීම, මුඛ ආවරණ පැළඳ නොසිටීම, දෙදෙනෙක් අතර පරතරය තබා නොගැනීම, පූජනීය ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුල් වීම, අනාගත රෝග වාහකයන් විය හැකි වීම...
ස්ථාන පොලිසියේ රාජකාරියට බාධාවක් වෙලා නැහැ නේද? ඇඳිරිනීතිය විතරයි කඩලා තියෙන්නේ නේද ?
මේ කට්ටිය ගොන් වැඩමයි කරන්නේ...
කෝ අර සාමාන්‍ය මහජනයට ලොකු ටෝක් දෙන අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා?
ඉතින් ඔය කියන කතරගම දෙවියන්ට හදිසි දැනුම්දීමක් කරේ නැද්ද?
රන්ජන් රාමනායක නම් ඇල්ලුවා. එ්ත් මේ අයව අල්ලන්න නිදහස්, නිවහල් පොලිසියට අමාරුයි වගේ. දැන් ඉතින් ලංකාවේ දේශපාලන බලපෑම් එහෙමත් නැහැනේ...!!
මම හැදාම ඒකයි කියන්නේ... ලංකාවේ පොලීසියේ ඉන්නේ අවස්ථාවාදින් කියලා. ලංකාවේ පුරවැසියන් වර්ග කීයක් තියෙනවද? නීතිවර්ග කීයක් තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් නඩුකාරයෙක්, පෙරකදෝරුවෙක් හෝ ඒ අයගේ පවුලේ කෙනෙක් අපිට කියලා දෙන්නකෝ...
කවුද මේ? නීතියක් නැද්ද ? මෙයා අාවේ නීතියට උඩින්ද? මහජනතාව මෙවන් "බූරුවන්ගේ " නම් දැනගැනුම හොඳ නැද්ද? රන්ජන් ගොයියා නීතිය කඩා ඇතුළට ගියා නම් මේ පුද්ගලයාට එසේ නොවුවේ මන්ද?
ඔය මිනිහා තංගල්ලේ නාමල් බේබිත් ඉන්නවා. අල්ලන්න හොඳම වෙලාව නමුත් පොලිසියටත් ඒක කරන්න බැහැ. මොනවා කරන්නද? හරියට එහෙම කළොත් ..මේ සමාජය හැදේවි.
ඔය මෝටර් රථයෙන් යන කුළුඳුල් සංචාරය වෙන්න ඇති...
එකම රටක්, එක නීතියක් ලු, ඉතින් කොහොමද මෙහෙම වෙන්න ඉඩ දුන්නේ?
මේ දිනවල මානුෂික මෙහෙයුම් කරන කාර්ය මණ්ඩලයට එම වාහනය පවරාගෙන පාවිච්චි කිරීමට කටයුතු කළහොත් කොපමණ හොඳද? නැතිනම් මෙවැනි මිනිසුන් හට පාඩමක් ඉගැන්විය නොහැක.
දෙයියන්ටම පෙනීයන්....
ලොක්කෙක් හලෝ ලොක්කෙක්, එයාලාට නීති නෑ, නිකන් කාලේ නාස්ති කරගන්න එපා, මේ සිරි ලංකාව.
චණ්ඩිකම් පෙන්නලා පූජාවල් තිබ්බම දෙවියෝ කෝපවෙලා.. කාරෙකයි, මිනිස්සුයි කුඩුවෙලා යන්න වැඩේ කරයි.
හැබැයි රන්ජන් රාමනායක නම් අත් අඩංගුවට ගත්තා.
දේශපාලන බලවේගයක් මෙහි පිටුපස ඇත...
මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නාද? එම ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම නීතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවටද එම නිලධාරියා චෝදනා කළේය. කොහොමද උස් තැන් දැක හැකිලෙන අය...?
මේ වගේ දේවල් සිදුවන්නේ දේවාල කියන බිස්නස් තිප්පොළවල් රටේ තැන තැන්වල තියන නිසාය. ඔය කියන දෙවිවරුන්ගෙන් කපුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මිස රටේ ජනතාවට නම් සිදුවන සත පහක වගතුවක් නැත. පූජාව තියන්නට ආපු මිහිහා සහ ඔහුගේ පිරිවර නියම පට්ටියකි. එහෙත් පොලිසෙන් යමක් නොකෙරුණා යයි කීමෙන් හැඟෙන්නේ දේශපාලන බලය තියෙන මීහරකුන්ට පොලිසියත් බියවන නිසාවෙන්න බැරිද? මෙතන මොකද්දෝ තේරුම් ගන්න අපහසු ජල්බරියක් ඇති බව සිතේ. රටේ යහපත තකා සියලුම ප්‍රෝඩාකාර දේවාල වසාදමා ඒවාගේ කපුවන්ට මරණ දඬුවම දීම සුදුසුය!
මේක බරපතල සිද්ධියක් ඒ වුණාට එ් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියා මාර්ග නොගැනීමත් නරක ආරංචියක්..
මෙම කණ්ඩායමට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
පොලිස්කාරයින්ගේ කොන්ද පණ නැතිව ඇති.... මේවා නවත්වන්න බැරි ඒකයි.
පළවෙනි පාරට වෙන්න ඇති පවුලේ කෙනෙක් වාහනයක් ගත්තේ... ඔය විදිහට සනුහරේම ඇවිත් තියෙන්නේ.
පොලිසිය මුදල් බලයට යටත් වෙලා. සහභාගී වූ සියලු දෙනා නිරෝධායනයට යවලා වාහන සියල්ල අත් අඩංගුවට ගන්න.
සිංහල වෙන්න ඇති... පව් ඒ අය...
සිංහලද?
දෙවියන්ට තමන් ගැනවත් හරියට බලාගන්න බැරි කොට කොහොමද තව කෙනෙකුට පිහිටවෙන්නේ? ව්‍යාපාරිකයාට මුදල් තිබුණට මොලේ නෑ. රටේ බොහොමයක් දෙනා තවමත් දේව වන්දනාවේ යනවා. "හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී"... සල්ලි වලටවත් මොලය කියන දේ ගන්න බැරි නිසා ජඩවැඩ කරමින් දෙවියන්ගෙන් පිහිට පැතීමයි මොවුන් කරන්නේ..
කල්පනාවෙන් මේ දවස්වල කොරෝනා දෙවියෝ ඔබට ආරුඪ වුනොත් වැරැදිවලට ඔබේ ජීවිතෙන් වන්දි ඉල්ලයි ...!!
කුරුනෑගල නේ? අරයගේ කවුරු හරි වෙන්න ඇති.
කොරෝනා නිසා ලොවම අපහසුතාවයට පත්ව ඇති වෙලාවේ වගකීමකින් තොරව කටයුතු කර තමා මෙන්ම අනෙකුත් පුද්ගලයින්ද අගතියට පත්කළ සිද්ධීන් රැසක් වාර්තා වෙනවා. නිවෙස් ඇතුළෙත් මෙවැනි සිද්ධීන් වෙලා සාහසික ලෙස රිමාන්ඩ් භාරයට පවා පත්වූ පුද්ගලයින් සිටිනවා. මේ නිසා කොරෝනා වසංගතය සමනය වූ වහාම මෙවැනි දේවල් කළ පුද්ගලයින්ට ගැහැණු, පිරිමි භේදයකින් තොරව දඬුවම් දීම සිදුකළ යුතුයි. එසේ නොකළොත් අනාගතයේදී මෙයට වඩා වගකිම් විරහිතව කටයුතු කර සෙසු ජනතාව අපහසුතාවයට පත්කිරිම තවතවත් සිදුකරාවි...
එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25දෙනෙකු කන්නේ තණකොළ වෙන්න ඕනේ...
ගොම්මන්පිලලා සහචරයන් එක්ක ගංගාරාමයේ බෝධිපූජා තියනවා මුඛ වැස්මක් හෝ ආරක්ෂක දුර ගැන අනිත් අයට දාපු නීති ගරු කරන්නේ නැතිව, සමහරු ඇසට නොපෙනෙන කොවිඩ් නොපෙනෙන, දෙවියෝ අල්ලාගෙන පූජා තියෙනවා...
එකම රටක් නීති ගොඩක්.
මේ දිනවල කවුරුවත් දේවාලෙට යන්න එපා.
අපි ගෝඨාභය මහත්තයට චන්දය දුන්නේ නීතිය කාටත් එකවගේ ක‍්‍රියාත්මක වෙනවා දකින්න. කෝ තාම පොලිසිය නීතිය නවනවනේ.