ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජූනි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද(26) නියෝග කර තිබේ.
මැයි 23 වැනිදා මෙම ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගේ මිතුරා සතුව හෙරොයින් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 800 ක් ප්‍රමාණයක් තිබියදී සොයාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් අයට නැවත ක්‍රීඩාවට එක්විය නොහැකි පරිදි සදහටම තරග තහනමක් පැනවිය යුතුයි. අනිත් අයවත් හැදෙයි එතකොට. අනිත් රටවල්වල බොහොමයක් ක්‍රීඩකයින් මේ කාලයේ ගෙවල්වල ඉඳගෙනත් තමන්ගේ ෆිට්නස් තියාගන්න ව්‍යායාම කරනවා. ඔන්න අපේ අයගේ හැටි..
සිනමා කලා ක්ෂේත්රයේ ගෞරවයට හානි කළා වගේ... මොහු ක්‍රීඩා ක්ෂේත්රයේ වටිනාකමට හානිකළා. ඒත්, නීතිය කොයිකාටත් එකයි. නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. ඒත්, කාලෙකදී මේ රටේ මිනිසුන් මොහුට ඡන්දෙ දෙන්නත් බැරි නැහැ... ඒක මේ රටේ හැටි. එහෙම අය අපේ පාර්ලිමේන්තුවේ...
මෙවන් දක්ෂ ක්‍රීඩකයන් රිමාන්ඩ් කළවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගිය හැක්කේ කෙසේද?
මේවගේ අය ඉන්නකම් ඉතින් තරග දිනයිද? කුඩුටික ගහල එයා විනෝදෙ ගන්නවා.. අපි සල්ලිදිලා ටිකට් අරන් පැයගණන් වේලිලා, හුරේ දාලා, කට්ට කාලා යනවා... අනාගතය කෙබඳු වේවිද?
වැරැද්දක් කළා නම් කළ වැරැද්ද තේරුම් අරන් නීතියෙන් දඬුවම් විඳලා නැවත හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.
කෝකටත් මේ ගැන ඉහළ නිලධාරීන් සොයලා බලන්න. අර සේයා දැරිවියගේ සිදුවීම වෙලාවේ පොලීසියේ හැසිරීම වගේ දෙයක් වගේ කියලත් හිතෙනවා. ඉරිසියාවට හෝ තරහට දැම්මා වෙන්නත් පුලුවන්. සොයලා බලන්න..
මාකඳුරේ මධූෂ් කියලා කෙනෙක් ගැන අහලා තියෙනවද? මතක තියෙනවාද? නිකමට වගේ ඇහුවේ.. සමහර අයට තරහ යන්නත් පුළුවන්...
රටේ ප්‍රචලිත මහා පරිමාණ සූදු ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ ඉත්තෝ ක්‍රිකට් පරිපාලනය කරනකොට, කුඩුකාරයන් ක්‍රිකට් ගහනකොට ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යන එක පුදුමයක් නොවේ.