උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත. උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ජීවතුන් අතර සිටින බව දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් ගේ ඉහළ ආරක්ෂක උපදේශකවරයා දැනුම් දී ඇත.
උතුරු කොරියානු නායකයා, ‘හොඳින්, ඔහු ජීවතුන් අතර’’ දකුණු කොරියානු ජනාධිපතිගේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂ උපදේශක මූන් චන්ග් ඉන් පැවැසීය.
‘‘අපේ ආණ්ඩුව ස්ථාවරයේ වෙනසක් නැහැ’’ යැයි ද සී.එන්.එන්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම කීය.
උතුරු කොරියානු නායකයා අප්‍රේල් 13 වැනිදා සිට වොන්සන් හි රැඳි සිටින බව හෙතෙම කීය. වොන්සන් යනු උතුරු කොරියාවේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි නගරයකි. 2013 වසරෙන් පසුව මෙම නගරය නිවාඩු නිකේතන සහ විනෝදාස්වාදය පිරි නගරයක් බවට පත් කළ අතර උතුරු කොරියාවේ තරුණ නායකයා මේ නගරයට විශේෂ කැමැත්තක් දක්වන බව ද පැවසේ.
‘‘උතුරු කොරියාවෙන් සැක කටයුතු කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි ද මූන් චන්ග් ඉන් කීය.
උතුරු කොරියානු නායකයා අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනි සිටියේ අප්‍රේල් 11 වැනිදාය. උතුරු කොරියාවේ නිර්මාතෘ මෙන්ම කිම් ජොන්ග් උන්ගේ සීයාගේ උපන්දිනය අප්‍රේල් 11 වැනිදාට යෙදී තිබිණි. එය උතුරු කොරියානේ දේශපාලන දින දර්ශනයේ වැදගත් දිනයක් වන අතර රටපුරා සැමරුම් පැවැත්වේ. උතුරු කොරියානු නායකයා එම උත්සවයට ද සහභාගී නොවීය. උතුරු කොරියානු නායකාය සති දෙකකට ආසන්න කාලයක් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමත් සමඟ විවිධ කටපතා පැතිරෙන්නට විය.
‘‘අපිට තහවුරු කරන්න කිසි දෙයක් නැහැ. උතුරු කොරියාව තුළ මේ දක්වා කිසිදු විශේෂ දෙයක් සිදු වී නැහැ. එහෙම කිසිවක් නිරීක්ෂණය වී නැහැ’’ යැයි දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සතියේදී සඳහන් කළේය.
උතුරු කොරියානු නායකයා මේ මස මුලදී හදවත් සැත්කමකට මුහුණ දුන් බවත් මේ වනවිට ඔහු සුවය ලබමින් සිටින බවත් ඩේලි එන්.කේ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. උතුරු කොරියාවෙන් පැන ආ පිරිස් මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යයි.
හදවත් සැත්කමකට ලක්වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මොළය අක්‍රිය වී මියගොස් ඇතිනම් උතුරු කොරියාවේ මීළඟ උරුමකරු වන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී ඇත.
හදවත් සැත්කමින් පසු 36 හැවිරිදි උතුරු කොරියානු නායකයාගේ මොළය අක්‍රිය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබිණි.
උතුරු කොරියානු රජය හෝ උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව හෝ මේ කිසිදු පුවතක් තහවුරු කර නොමැත.
(ඒ එෆ් පී/ රොයිටර්)
055
COMMENTS
ලෝකයේ විනාශයට බිහි උණු පිළිලයක්. අසරණ මිනිසුන් වහලුන් මෙන් හිරේ විලංගුවේ දමාගෙන මිනිසුන්ට සතුන්ට මෙන් සලකමින් නිරාහාරව තබා සැපසේ ජීවත් වන නරුමයෙක්. මේ ඔක්කොම විශ්වාස කරන්නේ කොමිනිස් වාදය තමයි. මේ ක්‍රමවේදය රුසියාවෙත් , චීනයේත් , කියුබාවෙත් හරි ගියේ නැත . ලංකාවටත් නොගැළපෙන වගයි කිව යුත්තේ.
මම කැමතිම නායකයෙක්. මෙතුමා රටේ ජනතාවට දේශීය අගයක් එකතු කරනවා. පිටරටවල් වලින් එන අනවශ්‍ය භාණ්ඩ සහ සේවා නිසා සිදුවන විනාශය මෙහෙ නැත. ලෝකයාගේ තර්ජන නිසා යුද කටයුතු වලට වැඩි අවධානය දෙන්නේ. ඒක නිසා ගෝලීයකරණයේ ප්‍රශ්න නැහැ. මම හිතන්නේ මෙතුමා යම් කාලයක උතුරු කොරියාව ලෝකයට වැඩි අවධානයක් ලැබෙන රටක් බවට පත්කරයි. සිය රට දේ සිරිසැප දේ.
මෙවැනි නරුම පාලකයන් එළවා දමන්නට උතුරු කොරියා ජනතාවට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා !
අද කාලයේ ඇමරිකාව කුඩා රටවල් උදෙසා පහත් වැඩ කිරීමට විරුද්ධව ඇති ලොකුම බාධාවක් වන්නේ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් බැවින් එතුමා ජීවත් වීම ලෝකයටම ඕන දෙයක්.