IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


‘කොන්දේසි උල්ලංඝණය කරන බස් රථවල බලපත් අහෝසි කරනවා’

(අනීෂා මානගේ)

කොරෝනා පාලනය සඳහා රජයෙන් පනවා තිබෙන කොන්දේසි උල්ලංඝණය කරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන කළමණාකරණ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(20) තංගල්ලේදී පැවැසීය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් තංගල්ල ඩිපෝවට පැමිණි අවස්ථාවේදීය. ඉන් අනතුරුව අමාත්‍යවරයා තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ ද සංචාරයක නිරත වූයේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීවේය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අපි බලාපොරොත්තු වුණේ නෑගම් යන්න නෙවෙයි. අත්‍යවශ්‍ය රාජකාරී සහ කර්මාන්ත ආදී රැකියාවලට යන්නයි. ජනතාව වැඩි ප්‍රමාණයක් පෙර පරිදි ගමන් බිමන් යන්න පාරට ඇවිත් සිටියා. ජනතාවට ප්‍රවාහනය පහසුකම් සලසන්න අපගේ සේවකයන්ට පැමිණීමේ ගැටළු ඇති වුණා. හෙට දිනයේ සිට මේ ගැටළුව සැලකිය යුතු ප්‍රමාණයක් වෙනස් කරන්න පුළුවන්.
ඇතැම් කොන්දොස්තර මහත්වරු පොඩි පොඩි අඩුපාඩු වැඩ කර ඇති බවට වාර්තා වී තිබෙනවා. එසේ සිදුවීම් තිබුණහොත් ඒ අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නවා. පෞද්ගලික බස් රථ කිහිපයකුත් විශාල මගීන් ප්‍රමාණයක් රැගෙන යන බවට අපිට වාර්තා වී තිබෙනවා. ඒ සියලු දෙනාටම එරෙහිව අපි කටයුතු කරනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ඇඳිරි නීති බලපත්‍ර සහිත වාහනවලට අමතරව කිසිදු වාහනයක් අන්තර් පළාත් ගමනාගමනය සිදුකරන්න එපා යැයි අපි දන්වා තිබෙනවා.

එම කොන්දේසිවලට එරෙහිව ක්‍රියාකළ බස් රථ තිබෙනවා නම් එම බස් රථයේ බලපත්‍ර අහෝසි කරන්න අපි කටයුතු කරනවා.
අද දවසේ ලංගමයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට කෝටි ගාණක පාඩුවක් සිදුව තිබෙනවා. අපේ සේවකයන් කවුරුත් රජයේ පාඩුව විඳදරාගෙන ඉන්නේ සේවාවක් විදියට. මෙය වැරැදි විදියට යොදවාගන්නට පෞද්ගලික බස් රථ හිමියන් ක්‍රියාකරනවා නම් ඒ අයගේ බලපත්‍ර අහෝසි කර ඒ අයට දඩුවම් ලබා දීමට කටයුතු කරනවා.

බස්රථවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යෙදවීමට අපහසුයි. මෙහි වගකීම අපි හැමෝම බාරගත යුතුයි.  බස් රථවල වැඩිපුර අය ගන්නවා නම් අනෙක් අය විරුද්ධ වෙන්න. කවුරුවත් බලෙන් පටවගෙන යනවා නෙවෙයි. ජනතාවම බස්වලට නැඟලා ෆේස්බුක් දැම්මාට වැඩක් වෙන්නේ නැහැ. 

විදුලිබල මණ්ඩලයට සිදුවූ අතපසුවීමක් නිසා මාස දෙකක විදුලි බිල එක්වර ලබා දීම නිසා ජනතාව කරදරයට පත්වූ බව අපිට වාර්තා වී තිබෙනවා. එය වහාම නිවැරදි කරන්නැයි මම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දුන්නා. ජනතාවගෙන් වැඩි මුදලක් ගන්න අපිට  කිසිම බලාපොරොත්තුවක් නැහැ. විදුලි බිල වැඩි කරන්නේවත් විදුලිය කප්පාදු කරන්නේවත්  විසන්ධි කිරීම් කරන්නෙත් නැහැ.

 



අදහස් (0)

‘කොන්දේසි උල්ලංඝණය කරන බස් රථවල බලපත් අහෝසි කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site