IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අද සවස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.

අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරැවකු අද (5) සවස කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ නවාතැන්පලක සැගව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම සැකකරැ හා ඔහුගේ සහෝදරයා අදාළ නවාතැන්පලේ දින අටක පමණ කාලයක් සැගව සිට ඇති අතර සැකකරැ සමග එකම කාමරයේ රැදී සිටි බව කියන ඔහුගේ සහෝදරයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි කරැවෙකි.

ඒ අනුව එම පුද්ගලයා හා සැකකරු සැගව සිටි කැකිරාව ඉහළගම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පලේ හිමිකරැ ද,  රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයා සමග එකට නවාතැන් ගෙන සිටි සැකකරැ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීන් අට දෙනෙකුද,  අදාළ සැකකරැ ද, පොලිස් ස්ථානයේ වෙනම ගොඩනැගිල්ලක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.

 



අදහස් (2)

කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට

Adikaari Monday, 06 April 2020 11:27 AM

තහවුරු නොවූ පුවතක් නේද?

:       2       0

Sajeewa udayanhani Wednesday, 08 April 2020 08:11 AM

අපේ නිලධාරින් 8 දෙනා ආරක්ෂා කර දෙන්න සියලුම දෙනාට පිහිටාරක්ෂාව ලැබී මුලු ලෝකෙන්ම මෙ ලෙඩෙ තුරන් වෙවා...අපේ සියලුම ජනතාව හරියාකාරව නීතිරීති පිළිපැද්දොත් අපි සේරමලා බෙරිලා... මෝඩ මිනිසුන් අණ නොපිළිපදින එක තමයි භයානක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site