(පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා වයිරසය ආසාදිනය වූ කටුපොත කැකුණගොල්ල පදිංචි කාන්තාව ප්‍රතිකාර ගත් බව කියන කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබෙන එම ප්‍රදේශයේ පදිංචි 125 දෙනෙකුට ආසන්න පිරිසකට හැකි ඉක්මනින් පැමිණ තමන්ගේ විස්තර පොලිසියට ලබා දෙන ලෙස කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වී ඇති එම කාන්තාව මේ වනවිට අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇය කොරෝනා ආසාදිතයෙකු බව අනාවරණය වීමට පෙර පසුගිය 30 වන දින කැකුණගොල්ල ප්‍රාථමික බෙහෙත් ශාලාවෙන් උණ රෝගයට ප්‍රතිකාර ලබාගෙන ඇති බව අනාවරණය වී තිබේ.
ඇය එදින පෙරවරු 8.00 සිට දහවල් 11.00 වන තෙක් එම බෙහෙත් ශාලාවේ රැඳී සිට ඇති බවද තොරතුරු ලැබී තිබේ.
මේ වනවිට එම බෙහෙත් ශාලාව වසාදමා එහි සේවය කළ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයද ස්වයං නිරෝධායනයකට යොමු කර තිබෙන අතර කුලියාපිටිය පොලිසියේ 037 - 2247474 දුරකථන අංකයට විස්තර ලබා දෙන ලෙසද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පැවසීය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කැකුණගොල්ල බෙහෙත් ශාලාවෙන් ප්‍රතිකාර ගත් අයගේ විස්තර ඉල්ලයි