
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ.
ජාතික ආරක්ෂක කමිටුවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
උදෑසන නැගිටින විට උණ තත්වයක් තිබූ බවද, හැකි ඉක්මණින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී එය තහවුරු කරගත් බවද ඔහු පැවසීය.
මේ වනවිට ඔහු ප්‍රතිකාර ලබමින් සිටී.
ඕස්ට්‍රේලියාවේ පුද්ගලයන් 156දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර පුද්ගලයන් තිදෙනෙකු මිය ගොසිනි.
(බීබීසී ඇසුරිනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හොඳ කාලේ කවදා එයිද? 60 ට වැඩි අයට මේ ලෙඩේ දරුණු වෙන්න පුළුවන්ලු. එහෙම උනොත් නම් මල්ම තමා.
කැනඩාවේ අගමැතිවරයාගේ බිරිඳටත් කොරෝනා බෝවෙලා කියලයි වාර්තා වෙන්නේ. මේ අතරේ මාර්තු 7 වෙනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුණගැසුණු බ්‍රසීලියානු ජනාධිපති සමඟ සිටි කණ්ඩායමේ කෙනෙකුටද මෙම වයිරසය වැළඳී ඇති බව කියනවා. මේ හේතුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ටද සති දෙකක් ධවල මන්දිරයට වී ඉන්නට වේදැයි සැක පලකරන ප්‍රවීත්තියක් විදෙස් මාධ්‍ය පළකර තිබෙනවා. දැනටමත් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිවරියටත් ප්‍රංශයේ ඇමතිවරු කිහිප දෙනෙකුටත් මෙම වයිරසය වැළඳී ඇති බවත් කියනවා. ප්‍රවේසම් නොවුණොත් කොරෝනා වයිරසයට උස් මිටි බේධයක් නොමැතිව පැතිරිය හැකිබවයි පෙනෙන්නට ඇත්තේ...
කොරෝනා හැදිලා අපේ දියවන්නාවේ සෙට් එක තොලොම්චි වුණොත් මල්ම තමයි...!!