IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


එවරස්ට් කඳු තරණය නවතයි

කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට ‌නේපාල බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව මාර්තු 14 සිට අප්‍රේල් 30 දක්වා සියලුම කඳු නැගීමේ බලපත්‍ර අවලංගු කෙරෙනු ඇත.

“අප්‍රේල් 30 වැනිදා දක්වා සියලුම සංචාරක වීසා බලපත්‍ර අත්හිටුවීමට අපි තීරණය කර තිබෙනවා. 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති බලපත්‍ර සහ නිකුත් කිරීමට ඇති බලපත්‍ර ද අවලංගු කරනවා.” යැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම් නාරායන් ප්‍රසාද් බිදාරි මහතා පැවසීය.

බොහෝ කඳු නගින්නන් ඇමරිකාව, ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍ය, ජපානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අතර එය නේපාල රජයට ප්‍රධාන ආදායම් ලැබෙන මාර්ගයක් වේ.

කත්මණ්ඩු පෝස්ට් පුවත්පතට අනුව, සංචාරක ආදායම හැරුණු කර සෑම වසරකම එවරස්ට් කඳු නැගීමේ බලපත්‍ර නිකුත් කිරීමෙන් නේපාලය ඩොලර් මිලියන 4 ක පමණ ආදායමක් උපයයි.

සාමාන්‍යයෙන්, එවරස්ට් තරණය කරන ඕනෑම කෙනෙකු රජයට ඩොලර් 11,000 ක් ගෙවිය යුතුය.

කඳුකර මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරන දේශීය ෂර්පාවරුන්ට ද මෙය දැඩිලෙස බලපානු ඇතැයි පැවසේ.

"මගේ චීන සේවාදායකයින් නවදෙනා සහ ජපන් සේවාදායකයෙක් දැනටමත් සංචාරය අවලංගු කර ඇත. කඳු නගින කණ්ඩායම් නොපැමිණීම, අප වැනි ෂර්පාවරුන්ට විශාල පාඩුවක්" යැයි සංචාරක ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂ ලක්පා ෂර්පා බීබීසීයට පැවසීය. 

නේපාලයේ කොරෝනා වෛරස රෝගීන් 70 කට වැඩි සංඛ්‍යාවක් සිටින බව වාර්තා වී තිබේ.

සමූහ රැස්වීම්, විවාහ හා පොදු උත්සව වලින් වළකින්නැයි නේපාල රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (0)

එවරස්ට් කඳු තරණය නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 120 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 70 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site