
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රජය ලබාදුන් උපදෙස් පිළිපදිමින්, ස්වයං- නිරෝධායනයට යොමුවීමට එංගලන්තයේ දෙවන එලිසබෙත් මහරැජිණ තීරණය කර තිබේ.
ඒ අනුව, පාස්කු සමය ද ඉක්මවා වූ කාලයක් එංගලන්තයේ, බර්ක්ෂයර් ප්‍රාන්තයේ පිහිටි වින්ඩ්සර් මන්දිරයේ රැඳී සිටිමින් සෞඛ්‍ය පියවර ගැනීමට රැජිණ තීරණය කර තිබේ.
බකින්හැම් මන්දිරය අද නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, 93 හැවිරිදි රැජිණ බර්ක්ෂයර්හි පිහිටි රාජකීය මන්දිරය වෙත හෙට(19) පිටත්ව යන බවය.
පාස්කු සමය වෙනුවෙන් ඇය සාමාන්‍යයෙන් වින්ඩ්සර් මන්දිරයට යාමට නියමිත දිනයට සතියකට පෙර ම ඒ අනුව ඇය එහි යනු ඇත.
බකිංහැම් මන්දිරයේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ උද්‍යාන උත්සව සියල්ල අත්හිටුවීමට ද රැජිණ පියවර ගත්තාය.
රැජිණ නිරෝධායනයට ලක්වීමට නියමිත බලකොටුව, ඇගේ ප්‍රියතම නිවස වන අතර, නියමිත උපදෙස් අනුව එහිදී ගෘහස්ථ කටයුතු වෙනුවෙන් යම් පිරිසකට කටයුතු සීමාකර සීමා කරගනු ඇත.
රැජිණ අප්‍රේල් මාසයේදී 94 වැනි ජන්ම දිනය සැමරීමට නියමිතය. මේ වනවිටත් අසනීප තත්වයේ පසුවන්නන්ට සහ වියපත් පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්තවීමේ දැඩි බලපෑමක් ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ රැජිණ ද නීරෝධායනයට යොමුවීමට තීරණය කර ඇත.
COMMENTS
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මා දුටු ලොව නිහතමානිම කාන්තාව මැයයි. මැය වචනයේ පරිසමාප්තියෙන්ම රැජිනකි. ඔබට දීර්ඝායුෂ ලැබේවා!