IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

( තිළිණි ද සිල්වා )


කොරෝනා වයිරස වසංගත තත්ත්වය හමුවේ  විදේශගත ලාංකිකයින් සදහා විදේශ  සබදතා අමාත්‍යාශය හඳුන්වා දුන් ”කන්ටැක්ට් ශ්‍රී ලංකා” සජීවී අන්තර්ජාල සබඳතාව ඔස්සේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 17000කට වැඩි පිරිසක්  මේ වන විට ලියාපදිංචි වී ඇතයි එම අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව පෙරේදා (28) දහවල් වන විට පුද්ගලයින් 17,457 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර ඔවුන්ගෙන් 6,773 දෙනෙකු මැදපෙරදිග කලාපයෙන්ද 1,892 දෙනෙකු යුරෝපයෙන් ද, 1,302 දෙනෙකු දකුණු ආසියාවෙන් ද, 1,028 දෙනෙකු උතුරු ඇමරිකාවෙන් ද මෙන්ම, තවත් 6,000 කට අධික පිරිසක් ලෝකයේ වෙනත් රටවලින් ද ලියාපදිංචිව ඇතැයි විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර්ජාල සබදතාව ඔස්සේ  මෙතෙක් ලැබී ඇති විමසීම් 700 කින් වැඩි ප්‍රමාණයක් ලැබී ඇත්තේ නැවත මෙරටට පැමිණීමේ හැකියාව සම්බන්ධයෙන් යැයිද එම අමාත්‍යාංශය පෙන්වාදෙේ.

කෙසේ වෙතත්, රජය විසින් ඉකුත් 27 වැනිදා විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙත කරන ලද විශේෂ ඉල්ලීමට අනුව, කොරෝනා ආසාදනය වීමේ අවදානම අවම වන තෙක් සහ මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ මැඩපවත්වාගන්නා තෙක් ඔවුන් දැනට සිටින ස්ථානවලම ආරක්ෂිතව රැඳී සිටින ලෙස ඉල්ලා සිටින ලද අතර, එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ක්ෂණික ගැටලු සඳහා අඛණ්ඩව පහසුකම් සැලසීම සහ විසඳුම් ලබා දීම පිණිස මෙම අමාත්‍යාංශය විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ජාලය හරහා පියවර කිහිපයක් ගෙන ඇත.

ඒ යටතේ ලාංකික ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳ සුභසාධනය, වීසා බලපත්‍ර දීර්ඝ කිරීම, රැකියා විරහිතයින්ට මූල්‍ය ආධාර නොමැතිකම, වැටුප් නොගෙවීම, වාණිජ ආයතන වසා දැමීම සහ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ දී සිදු කෙරෙන නිරෝධායනය පිළිබඳ ප්‍රශ්න යනාදිය, අනෙකුත් පොදු විමසීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම් සිදු කරන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 

එම අධ්‍යාපන ආයතන, ශ්‍රී ලාංකික සිසුන් හා ශිෂ්‍ය ප්‍රජාව සමඟ සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ සුභසාධනය සඳහා අඛණ්ඩව කටයුතු කිරීමට ද මෙම දූත මණ්ඩලවලට උපදෙස් දී ඇතැයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දේ.


තවද මැදපෙරදිග  හා ආසියාවේ සිටින ශ්‍රී ලාංකික සේවකයින් සම්බන්ධයෙන්, මෙම දූත මණ්ඩල සත්කාරක රජයන් සමඟ එක්ව විදේශගත ශ්‍රී ලාංකික සේවකයින්ට හැකි තාක් දුරට සාධාරණ සැලකිල්ල හා සහන ලබා දීම සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් , වැටුප ගෙවීමට අදාළව කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සොයා බලන බව අමාත්‍යාංශය කියයි.


පවතින තත්ත්වය හමුවේ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින සහ ආධාර අවශ්‍ය වන ශ්‍රී ලාංකිකයින් සඳහා ආධාර සැපයීමේ දී ශ්‍රී ලාංකිකයින් විසින් පිහිටුවා ඇති ශ්‍රී ලංකා සංගම්, සංවිධාන සහ පූජනීය ස්ථාන සමඟ සම්බන්ධ වන ලෙස ද අමාත්‍යාංශය විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට දැනුම් දී අැත.


එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව නිර්මාණට කළ මෙම සජීවී අන්තර්ජාල සම්බන්ධතාවය විදේශ සබදතා අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන www.mfa.gov.lk මත පිහිටුවා ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද ඊට පිවිසිය හැකිය. එමඟින් ලැබෙන විමසීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යොදවා ඇත.



අදහස් (11)

එතෙර සිටින ශ්‍රී ලාංකිකයෝ 700 ක් ආපසු එන්න ඉල්ලති

Pradeep Sunday, 29 March 2020 09:18 AM

මමත් ඉන්නේ විදේශගතව.. නමුත් මේ තත්වය පහව යන තුරු කොරෝනා වලින් මලත් ලංකාවට එන්නේ නෑ. කවදා හෝ අපි එන එක රටට හා අපේ පවුලේ අයට යහපතක් වෙනතුරු මෙහිම ඉන්නවා.

:       46       53

lalithm Sunday, 29 March 2020 09:55 AM

මේ සිදුවීම්වලින් පසුවවත් අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට වල කපා කාලකන්නි සතුටක් ලබන දොස්තර සංගමේ මහා ඇත්තන් සහ විශ්ව විද්‍යාල සිසු සමිතිත් රතු මල්ලිලත් හිතට ගත්තොත් හොඳයි. අපේ රටේ මුදල් සහ සම්පත් නිකරුනේ නාස්ති කිරීම වලකන්න. වැඩිපුරම විදෙස් විශ්ව විද්යාල මේ ටික කාලේ පෙනුණු විදියට නම් අපිටත් අන්ත රටවල ඒවා. අර නේපාලේ එහෙම. ඒවාට දොස්තර පැටවුත් යවල තිබුන. දැන්වත් මොලේ ඇති විදියට වැඩ කරලා මෙහිම අධ්‍යාපන ආයතන පටන් ගන්න උදව් දෙන්න.

:       506       21

de silva Sunday, 29 March 2020 11:12 AM

ලලිත් මහත්මයාගේ අදහස් මමත් අනුමත කරනවා. ලංකාවේ සෛටම් එකේ ඉගැන්නුවේ රජයේ වෛද්‍ය විද්‍යාලවල උගන්වන ආචාර්යවරු , නේපාලෙ කියන්නේ අධ්‍යාපනය අතින් අපට පහල තත්වයක තිබෙන රටක්... වෛද්‍ය සංගමයට සෛටම් සිසුන්ගේ ප්‍රමිතිය මදිය. නමුත් නේපාලෙ බැරිනම් ඉතියෝපියාවෙන් විද්‍යා උපාධියක් ලබන දොස්තරලගේ ප්‍රමිතිය හොඳය. රතු මලිල්ල නිදහස් අධ්‍යාපනය ආරක්ෂා නොකරති... ඔවුන් කරන්නේ රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න අහිංසක දරුවන්ට, නවක වදය කියමින් අඩම්තේට්ටම් ඇතුළු දස වදයම දීල ඔවුන්ට විශ්ව විද්‍යාල එපා කිරීමයි.

:       1022       78

ඉරාන්Sunday, 29 March 2020 01:12 PM

සයිටම් අවුල ඉගැන්නුවේ කව්ද කියන එක නෙවෙයි. ඉගෙන ගත්ත බහුතරය උසස්පෙළවත් පාස් නැති අයවීම. අනික වෛද්‍ය උපාධිය කියන්නෙ ටියුෂන් කරනව වගේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විධිමත් පූර්ණකාලීන කතථිකාචාර්යවරු නැති, ලෙඩ්ඩු ඉන්න හරිහමන්හ ලක් නැති සයිටම් සක්විති ගනයේ වංචාවක් විතරයි. ඒකෙන් වුනේ මේ රටේ හරිහමන් පුද්ගලික වෛද්‍ය උපාධි ආයතනයක්වත් වැටෙන එකට වළකපපු එක.

:       1       0

buwa Sunday, 29 March 2020 11:26 AM

ලංකාවට තියෙන ආදරේට වෙන්න ඇති එන්න හදන්නේ.. අනිත් වැඩ නවත්තල හරි ගෙන්න ගන්න වෙයි. ඡන්දේ දාල යන්න ආපු අයත් ඇතිනෙ...

:       15       11

isuru Sunday, 29 March 2020 11:48 AM

ශ්‍රී ලාංකිකයෙක්ට ශ්‍රී ලංකාවට එන්න ඇයි අවසර ඉල්ලන්නේ ? ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින්ගේ රට නේද ?

:       0       0

kamil Sunday, 29 March 2020 11:49 AM

ශ්‍රී ලාංකිකයෙක්ට ශ්‍රී ලංකාවට එන්න අවසර කුමටද?

:       0       0

BamunuarachchiMonday, 30 March 2020 02:33 AM

පාකිස්තානයත්, පකිස්තාන් ජාතිකයින්ගේ රට... එ්ත් පිටරට ඉන්න පාකිස්තාන් ජාතිකයින්ට තමරටට එන්න අවසර නැත. ඒ ගැන ඔවුන් ප්‍රශ්න කරන්නේද නැත. ඒකට අපේ මැට්ටෝ...

:       0       0

de silva Sunday, 29 March 2020 12:15 PM

මම මෙතන රතු මල්ලිලා යනුවෙන් හැදින්වේ... අන්තරේ නොහොත් සිසුන්ගේ අනාගතය කුරුටුගාන පෙරටුගාමීන් . මොවුන් ඉටු කරන්නේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය විනාශ කරන්න. ඕස්ට්‍රේලියාවේ කොන්ත්‍රාත් එකක් , මම මේක කියන්නේ සාක්ෂි සහිතව ඔය පෙරටුගමින්ගේ නායකයා වන ගුණරත්නම් කියන මනුෂ්‍යයා ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වන අතර ඔහුගේ දරුවෝ ඉගෙන ගන්නේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලවල... ඔහු ලංකාවේ දේශපාලනය කරන්න ඇවිත් පැහැරගෙන යමකට ලක්වු වෙලාවේ ඔහුව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුනේ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයයි.

:       0       8

Rohana Monday, 30 March 2020 01:49 AM

රතු බිස්නස් එක. සාර්ථකව පවත්වාගෙන යන කර්මාන්ත ශාලා වලින් සූක්ශමව කප්පන් ලබා ගැනීම. වෘත්තීය සමිති ලොක්කව අල්ලා ගන්නවා. ඉල්ලීම් කීපයක් දාලා වැඩවර්ජනයක් පටන් ගන්න කටයුතු සූදානම් කරනවා. කර්මාන්ත ශාලාව අඩපණ කරනවා. ගොට්ටෙක් දාලා අයිති කාරයගෙන් කප්පන් අරගෙන ආපහු වැඩ පටන් ගන්න කියලා සේවකයන්ට කියනවා.

:       0       0

Bamunuarachchi Monday, 30 March 2020 02:29 AM

එක දමිලයෙකුට එන්න දෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 237 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 736 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site