( තිළිණි ද සිල්වා )
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ නැමැති සජීවි අන්තර් ජාල පිවිසුමක් විදේශ සබඳතා අමාත්‍යාංශයේදී දියත් කෙරිණි.
මෙම අන්තර් ජාල සම්බන්ධතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.
කෙරෝනා වසංගතය පැතිරි යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම අන්තර්ජාල පිවිසුම නිර්මාණය කර ඇත.
කොරෝනා පැතිර යාම වැනි හදිසි අවස්ථාවන්හි දී ශ්‍රී ලංකා රජයට ඔවුන් වෙත ළඟා වීමට සහ ආධාර සැපයීමට ඉඩ සලසන මෙම අන්තර්ජාල පිවිසුමේ මුලික ක්‍රියාකාරී කොටසෙහි ස්වේච්ඡාවෙන් ලියාපදිංචි වන ලෙස විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා. කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා අමාත්‍යාංශයට අවශ්‍ය කාලීන දත්ත ලබා ගැනීමට මෙම වේදිකාව ඉඩ සලසන අතර එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ට රජයේ පාර්ශ්වකරුවන් සමඟ අන්තර් ක්‍රියා කිරීමට පහසුකම් සැලසෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී..
තවද මෙම සජීව අන්තර්ජාල පිවිසුම හරහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් විදේශවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ජාලය සමඟ ද සම්බන්ධ කරනු ඇත.
දීර්ඝ කාලීනව, මෙම ද්වාරය පුළුල් කරනු ලබන අතර, එමඟින් නිල තොරතුරු ප්‍රභවයක් ලෙස කටයුතු කිරීම සහ රජය විසින් සපයනු ලබන පුළුල් පරාසයක ඩිජිටල් සේවාවන් ලබා ගැනීම සඳහා එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ට පහසුකම් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට මෙන්ම, හදිසි අවස්ථාවල දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර මාර්ගගත උපකාරක කවුළුවක් ලෙස කටයුතු කිරීම සඳහා ඇපකැපවූ නිලධාරීන් කණ්ඩායමක් දැනටමත් විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ.
තමන් වෙසෙන රට අනුව ලියාපදිංචි වීම තුළින්, ජනතාව ඉවත් කර ගැනීම වැනි තීරණාත්මක ප්‍රතිචාර අවශ්‍ය අවස්ථාවන්හි දී ලැබෙන හදිසි ආධාර ඉල්ලීම් ගණන මත පදනම්ව,
ස්ථිරසාර ප්‍රතිපත්තිමය තීරණ යෝජනා කිරීම සඳහා මෙම අමාත්‍යාංශයට ඉඩ සැලසෙනු ඇත.
ඕනෑම මාර්ගගත ගවේශකයක් හෝ අතුරු මුහුණතක් භාවිත කරමින් අන්තර්ජාලය හරහා පහසුවෙන් භාවිත කිරීමට හැකිවන අතර, විමසීමක් කිරීම හෝ උදවු උපකාර ඉල්ලා සිටීම සඳහා සියලුම ලියාපදිංචි පරිශීලකයින්ට ජංගම දුරකථනයක් මඟින් වුවද ඊට ප්‍රවේශ විය හැකිය.
එතෙර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා, මෙම ද්වාරය හරහා ලබා දෙනු ලබන දත්ත සුරක්ෂිත කර ඇති අතර, පරිශීලකයින්ගේ අවසරයකින් තොරව ඒවා වෙනත් පාර්ශවයන් වෙත ලබා නොදෙන බවද අමාත්‍යාංශය කියා සිටී.
2025 නොවැම්බර් මස 04
251
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එතෙර ලාංකිකයින්ට රජයෙන් සජීවි අන්තර්ජාල පිවිසුමක්
chandima Friday, 27 March 2020 01:51 PM
කෝ එකේ ඔබපුවම සේරම මැකිලා යනවා.