(තිලිණිද සිල්වා)
කොරෝනා ආසාදනය වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙකු අද (26) ඩුබායි හි රෝහලකදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේ ප්‍රමාණ සමීක්ෂකවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි රසික ද සිල්වා නැමැත්තෙකි.මොහු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
රසික ද සිල්වා මහතාට ඉකුත් 16 වැනිදා කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව රෝහල් ගතව ඩුබායි හි පිහිටි කැනේඩියන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටදී අද දින ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
මියගිය ලාංකිකයා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සහ කොළඹ ඩී.එස්.සේනානයක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකවරුන්ගේ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරමින් සිටියේය.හෙතෙම කලක පටන් සිය පවුලේ සාමාජිකයන් සමග ඩුබායි හි වාසය කළ අයෙකුද වේ.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයින් 10,349 දෙනෙකු වාර්තා වන අතර එම වයිරසය ආසාදනයෙන් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටිති.තවත් පුද්ගලයින් 1978 දෙනකු ඉන් සුවය ලබා ඇතැයි ද එරට පලවන "ද නැෂනල් " පුවත් වෙබ් අඩවිය අද (26) වාර්තා කළේය.
එම කොරෝනා ආසාදිතයින් අතර ලාංකිකයින් කිහිපදෙනෙකු සිටින බවත් , ඉන් ඇතහෙක් එරට රෝහල් වල ප්‍රතිකාර ලබන අතර තවත් කිහිප දෙනෙකු සුව අතට පත්ව සිටිති.සුවය ලැබූවන් අතර ඩුබායි හි ප්‍රමාණ සමීක්ෂකවරුන් ලෙස සේවයේ නියුතු ලාංකික යුවළක්ද වෙති.
COMMENTS
අපගේ බලවත් ශෝකය !!!
ලංකාවට වැඩිම විදේශ විනිමයක් උපයාදෙන මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ ජීවිත බරපතල අනතුරකට වැටී තිබෙන මොහොතක ශ්‍රී ලංකා රජය ඔවුන් ගැන වගකීමෙන් කර ඇර සිටීම කණගාටුවට කරුණක්. ශ්‍රී ලාංකිකයන් හට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොල විවෘත කරන තුරු නැවත ලංකාවට මුදල් යැවීමෙන් වැලකී සිටිමු.
රසික සිල්වා අපි ලඟින්ම ඇසුරු කල උතුම් ගතිගුණ ඇති යහලුවෙකි. මෙවන් අකල් මරණයක් මතු උපදින ආත්මයක නොවේවා කියා පතමි! ඔබට නිවන් සුව මිතුරාණනි...
මාගේ බලවත් ශෝකය ...
මගේ බලවත් කණගාටුව...
අයියේ..ඔබට නිවන් සුව..!