(තිලකරත්න දිසානායක.)
විවිධ කර්මාන්ත සඳහාවූ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යනු ලබන යාන්ත්‍රික ඉංජිනේරුවකු විසින් අඩු මිලකට නිෂ්පාදනය කළ හැකි ස්වසනාධාර යන්ත්‍රයක් (VENTILATOR) නිෂ්පාදනය කර තිබේ.
කොරෝනා රෝග තත්ත්වය මත ස්වසනාධාර යන්ත්‍රයක් නිෂ්පාදනය පිනිස සෞඛ්‍ය අංශය මගින් කළ ඉල්ලීමකට අනුව තමන් විසින් පවත්වාගෙන යනු ලබන හයිටෙක් සොලුෂන් පෞද්ගලික සමාගම වෙතින් මෙම යන්ත්‍රය නිපදවූ බව මෙහි නිර්මාණ කරුවා වන ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා පැවසීය.
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු වරයෙකු වන බුද්ධික මහතා මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සදහන් කළේ රටේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ස්වසනාධාර යන්ත්‍රයක් පළමු වරට නිෂ්පාදනය කළ බවය.
මෙම යන්ත්‍රය මගින් රෝගීන් සිව් දෙනෙකුට එකවර ස්වසනාධාර දීමේ හැකියාව පවතින බව බුද්ධික මහතා පැවසූ අතර මෙහි පවතින විශේෂත්වය ලෙස පෙන්වා දෙනු ලැබූයේ රෝගීන් බැහැර කරනු ලබන ප්‍රාශ්වාසය සාමාන්‍ය වශයෙන් බැහැර නොකොට උපාංගයක් මගින් දහනය කිරීමකට ලක් කෙරෙන බවය.
මෙය නිෂ්පාදනය කිරීමේදී උපදේශකත්වය නිර්වින්දන වෛද්‍යෙවරුන් වන චන්දන කරුණාරත්න සහ ප්‍රසාද් කොළඹගේ යන මහත්වරුන් ගෙන් ලබා ගත් බව පැවසූ බුද්ධික මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් යන්ත්‍රයක් විදේශයකින් ආනයනය කිරීමේදී අධික මුදලක් වැය වන නමුත් මෙරට ඉලෙක්ට්‍රොනික් සහ රබර් නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යන්නන් මගින් මෙවන් යන්ත්‍ර නිපදවීමට අවශ්‍ය උපාංග සකසාගත හැකි බවයි.
මෙම යන්ත්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිර්දේශය පිනිස ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිස්සියෙවත් මැෂින් එක නැවතුනොත්. නරකද 2ක් විතරක් සම්බන්ධ කලොත්...?
ආඩම්බරයි අපේ රටේ තරුණයන් ගැන....
මේ වගේ දේවල් වලට කවදාවත් අපේ රටේ තැනක් තිබුනේ නැහැ... තිබුනනම් "කොන්ක්‍රීට් කුල සිංහ රට ඇරලා යන්නෙත් , රේ විජේවර්ධනට තමන්ගේ නිර්මාණය ජපනාට විකුනන්නවත් වෙන්නේ නැහැ.... බලමුකෝ දැන්වත්...
මෙ වගේ නිපැයුම් තමා ලංකාවට අවශ්‍ය. අනාගතයේ මෙවැනි යන්ත්‍ර සිය ගණනක් ලංකාවට අවශ්‍ය වෙන්න ඉඩ තිබෙනවා.
බලාපොරොත්තු සුන් නොකර ඉන්න පුළුවන් .
මෙවැනි උගත් දක්ෂතා ඇති අය බොහොමයි. නව නිපැයුම් කරුවන් බොහොමයි, නමුත් පාලකයන්ට උගතුන්ගේ වටිනාකම් නැහැ... සිරිලක දේ සිරිසැප දේ.... මේ දේශපාලුවන් අද ඒ වටිනාකම දැනෙන්න ගත්ත... කොමිස් කන්න ඉන්න පරයින් නිසා... මේවා අකලට පරවෙලා යනවා කොරෝනාවෙන් පාඩම් ඉගෙනගෙන දැන්වත් දේශීය නිෂ්පාදනයට ගොස්, පිටරටවලට ආදී ඇදී යන ධනස්කන්ධය නැවත ණයටික හැර බෙරන්න.
පුතේ ඔබගේ උත්සාහය සම්පුර්ණයෙන්ම සාර්ථකවී තමන් උපන් මව්බිමට සේවයක් කරමින් මෙම අවදානම් අවස්ථාවෙන් තමන් උපන් මව්බිම බේරාගැනීමට දායකවීමට ඔබටත් හැකිවේවා !! මෙයට දායකවූ සියලු දෙනාටත් ඔබගේත් සියලු ප්‍රර්ථනා සපලවෙවා !!
විශිෂ්ඨ ක‍්‍රීයාවක්...
මේ මල්ලි ට කවුරු හරි කියලදෙන්න ඇයි ස්වසන අදාරක සවිකරන්නේ එකක් එක් රෝගියකුට කියලා. දෙවැන්න, මේ මැෂිම බොහොම සරල ක්‍රියාදාමයක්. නමුත් ගැටලුව, රෝගියෙක් එයට සවිකල පසු දින, සති ගණන් එය එකසේ, කිසිදු වෙනසකින් තොරව ක්‍රියාත්මක වියයුතුයි. අද, මේ මැෂින් ලංකාවේ හදනවා විවිද ශිෂ්‍යන්. ඔවුන් දිරිමත් කලයුතුයි, නමුත් එම උපකරණ රෝගීන් සඳහා පාවිච්චි කරන්නට උසස් තත්වයේ තිබිය යුතුයි.
ඔබ ගැන ඉතා ආඩම්බරයි. දේශීය නිෂ්පාදන ප්‍රමිතියක් ඇතුව ඉහල නැංවීමට දැන් කාලය උදා වී ඇත.
ඔබ රටට ආඩම්බරයක්.
බුද්ධික මාරසිංහ නම් වූ මේ තරුණ ඉංජිනේරුවා තමන් සංසාර්යෙන් උරුම කරගත් බුද්ධිය තවදුරටත් මුවහත් කර ගත්තේ සැදැහැවත් භික්ෂූන් වහන්සේලා ගේ ධර්මානුශාසනා තුළින් හා ස්වයංභූ ඥානයෙන්. අවංකව ම කිවහොත් මට ලංකාවේ දී හමු වූ පුද්ගලයින් අතරෙන් විශිෂ්ටතම චරිතයක් බව නොපැකිලව ව ම කිව යුතුයි