(ලසන්ත නිරෝෂණ පෙරේරා)
වට්සැප් සහ වයිබර් ඔස්සේ ඔසු ඇණවුම් කිරිමේ ක්‍රමවේදයේදි සමහර පාරිභෝගිකයින් ෆාමසී කිපයකට ඇණවුම් යොමු කිරිමෙන් ගැටළුවක් මතුවි ඇතැයි සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා පැවසිය.
එලෙස ඔසුසැල් කිපයකට ඔසු වට්ටෝරු යොමු කර පළමුව නිවෙසට ලැබෙන ඔසු මිලදි ගන්නා පාරිභෝගිකයින් අනෙක් ෆාමසී වලින් පසුව ගෙනෙන ඔසු භාර නොගන්නා බවට රටපුරා ෆාමසී හිමියන් තමාට දැන්වු බව ද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පැවසිය .
එක් ඔසුසැලකට දිනකට බෙහෙත් වට්ටෝරු තුන් සියයක් හාර සියයක් ලැබෙන බැව්න් දුෂ්කරතා මැද වට්ටෝරු සුදානම් කර නිවෙස් වලට යැවිමෙන් පසු බාර නොගැනිම ගැටළු සහගත බව ද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා පැවසිය.
මේ නිසා එක් ෆාමසීයකට පමණක් දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ඇණවුම් ලබාදෙන ලෙස ඔහු පාරිභෝගිකයින් ගෙන් ඉල්ලීමක් කළේය.
පුද්ගලික ඔසුසැල් 3200 ක් මෙරට තිබෙන බවත් මේ වනවිට ඔසුසැල් 2000ට ආසන්න ප්‍රමාණයක් විවෘත කර සේවා ලබාදෙන බවත් ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා කීවේය .
දුරකථන සන්නිවේදන ක්‍රම ඔස්සේ ලැබෙන ඇණවුම් ඉක්මනින් ලබාදිමට සියලුම ෆාමසී උත්සාහ කරන අතර දෙදිනක් තුළ බෙහෙත් පාර්සලය නිවෙස් වලට ලබාදිම සිදුකෙරෙන බවත් බොහෝ විට එක් දිනයක් තුළ එය ඉටුකරන ෆාමසී ද ඇතැයි ඔහු පැවසිය .
දැනට බටහිර ඔසුවල කිසිදු හිගයක් නොමැති නමුත් සමහර පාරිභෝගිකයින් මාස කිපයකට සරිලන ලෙස ඔසු මිලදි ගෙන ගබඩාකර තබාගැනිම ඵලරහිත ක්‍රියාවක් බවද චන්දික ගන්කන්ද මහතා පැවසිය .
එමගින් සිදුවනුයේ ඔසුවල ගුණාත්මක බව අඩුවිම පමණි. ඒනිසා අවශ්‍ය ප්‍රාමාණය පමණක් ලග තබාගන්නා ලෙසද ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා කීවේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමන කතා කියන්න එපා... ඔයාලට ලැබෙන පණිවුඩ වලට නිවෙරදිව පිළිතුරු දෙන්න එන වෙලාවක් කියන්න එතකොට මෙහෙම වෙන්නේ නැහැ. දැන් වෙන්නේ ඔඩර් එක යවපු ගමන් ආන්ස්වර් නොකරන එකනේ.... පණිවුඩේ ලැබුණා කියලවත් කියන්නේ නැහැ...
ගම්පහ ඔසුසලට ඕඩර් එකක් දුන්න. බෙහෙත් තිබුනොත් එවන්නම් කිව්ව. එවන දවසක් කියන්න බෑ කිව්වා. ඕඩර් එකක් තහවුරු කරන්නෙ නැතිව අපි කොහොමද ඔවුන් බෙහෙත් එවනකල් බලා ඉන්නෙ. අත්‍යවශ්‍ය බෙහෙත් නොලැබුනොත් ඇතිවන ගැටළු මත රෝගීන් වෙනත් විසදුමකට යනවා හැර කුමක් කරන්නද? නිසි පරිදි ක්‍රමාණුකූලව ඕඩර් බාරගෙන තහවුරු කරන්නේ නම් මෙවන් ගැටළු ඇති වෙන්නෙ නැහැ. අපි ඔසුසලට ඕඩර් කරල දැනට දින හතරක්. නමුත් තවම පිලිතුරක් හෝ බඩු ලැබීමක් උනේ නැහැ. වරද ඔවුන් අත තබාගෙන රෝගීන්ට චෝදනා කරල ඵලක් නැහැ....
ඔය ඔසු සල් හිමියන්ට සංනිවේදනයෙ වටිනාකම උගන්වන්න. පාරිභෝගිකයාට ප්‍රතිචාර දක්වන්න කියන්න. පාරිබෝගිකයා නියමිත පරිදි දැනුවත් කරන්න. පාරිභෝගිකයාට අනුමාන කරන්න ඉඩ තියන්න එපා. පාරිභෝගිකයාට නියමිත පරිදි ප්‍රතිචාර නොදැක්වීමේ ප්‍රතිඵල තමා ඔය. පොඩ්ඩක් ෆේස් බූක් එකේ කමෙන්ට්ස් ටිකක් කියවන්න.
ඕකට වැරදි වෙන කවුරැවත් නෙවෙයි ඔසුසල් හිමියන්ම තමයි. රජයේ ඔසුසල් නම් ගන්නම දෙයක් නෑ. බෙහෙත් වට්ටෝරු වට්ස්ඇප් කරන්න කිව්වට අඩුම ගානේ ඒවා බලලවත් නැහැ. ඉතින් මිනිස්සු ඔහොම කරන එක අහන්නත් දෙයක්ද? අනිත් දේ තමයි ගොඩක් ෆාමසි වලින් එවන්නේ ගනන් වැඩිම බෙහෙත. වෙනදට රුපියල් 100 ගන්න බෙහෙත් ටිකට රුපියල් 700-800 ඉල්ලනවා.
ඔය ප්‍රශ්නය මටත් වුණා. වට්ටෝරුවේ තියෙන්නේ වෙළඳ නාමයකින් එන බෙහෙතක් නම් මිල වැඩි වුනත් ඒකම දෙන්න කියල තමා මම බේරුනේ.
ප්‍රතිචාරයක් ලැබෙන්නේ දවස් දෙකකට පස්සේ. ඕඩර් එක දීපු ගමන් තියෙනවද නැද්ද කියලාවත් කියන්න පුළුවන් නම් ඔහොම වෙන්නේ නැනේ. අනික එහෙම ඕඩර් දෙක 3 දුන්න කියල ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?.
ඇනවුම දානකොටම මුදල් කපා නොගැනීම තමා මෙතන තියන ගැටලුව. මිනිස්සුන්ට ඕනි හැමදේම අන්තිම මොහොත වෙනකම් ඉදල ඉක්මනටම කරගන්න. අපේ රටේ මිනිස්සුන්ගේ ඉවසීම, ක්‍රමානුකුලව වැඩක් කිරීම, අනෙක් මිනිසුන් ගැන හිතීම අන්තිමයි. මෙතන අදහස් දක්වල තියෙන අයත් තමන් ගැන විතරයි හිතල තියෙන්නේ. රටේ තත්වය ගැන ගානක් නැහැ. සාමානය කඩේකින් බදු ඕඩරයක් දැම්මා කියලා හිතන් ඉන්නේ.
ඇනවුම ලැබුණු බවත් එය ලැබෙන දිනයත් දන්වනවානම් මෙහෙම වෙන්නේ නැහැ.
සීතල කාමරවල සිට සිස්ටම් හදන්න එපා.