(ප්‍රසාද් රුක්මල් )
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නවක සිසුන් බදවාගැනීම නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව ඌවවෙල්ලස්ස.විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි .
නවක සිසුන් බඳවා ගැනීම මේ මස 23 වන දින සිදු කිරීමට නියමිතව තිබිණි.කොරෝනා වෛයිරසය පැතිර යාමේ අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
2018 වසරේ අපොස උසස් පෙළ විභාගය සමත් වූ සිසුන් මෙසේ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට බදවා ගැනීමට නියමිත යැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැම්පස් ළමයි නම් හරිම පව්... හැමදාම මොකක් හරි හේතුවක් නිසා ඇතුළට යන එක, ඩිග්‍රිය ගන්න එක පරක්කු වෙනවා. ඉතින් ඕක ඉවරවෙලා එනකොට තරුණ කාලෙත් ඉවරයි. ඊටපස්සේ රස්සා ඉල්ලලා ආයිමත් පාරේ. ඕවල ඉන්න අය සමාජෙට වෛර කරන එක පුදුමයක් නෙමෙයි.
එතකොට ආයෙමත් බඳවා ගන්නේ කවද්ද අපිව...?
ලංකාවේ සියලු විශ්ව විද්‍යාලවල ප්‍රායෝගික නොවන විෂය දැනුම අන්තර්ජාලය හරහා ලබාදීමට ඉඩ සැලැස්විය යුතුයි. එවැනි දෙයකින් බඳවා ගැනීම කල් ගියත්, සිසුන්ට තම අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව කරගත හැකිය...