IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ විභාගය කල් දමන්නේ නෑ

විනීතා එම්  ගමගේ

උසස්  පෙළ විභාගය කිසිසේත්ම කල් නොදමන බවත් එවැනි තීන්දුවක් රජය මේ වනතුරු රැගෙන නැති බවත් අධ්‍යාපන, ක‍්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (1) පැවති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

මේ වසරේ මෙන්ම ගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දුන් බව කී අලහප්පෙරුම මහතා ඉකුත් වසරේ අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා සිදුවූ ප‍්‍රහාරය හේතුවෙන් උසස්පෙළ දරුවන්ට මාස තුනක් අහිමි වූ බව ද එයින් ඇතිවූ කම්පනය  බරපතල බව හෙතෙම කියා සිටියේය.

අධ්‍යාපනයට අදාල  ඕනැම මාතෘකාවක දී දරුවන්ට පීඩනය අවම වන තීන්දු ගන්නවා මිස පීඩනය වැඩි වන අන්දමේ තීරණ නොගන්නා බවත් උසස් පෙළ විභාගය කිසිසේත්ම කල් නොදමන බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

මේ අතර ශිෂ්‍යත්ව විභාගය කල් දැමීමට ද කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි අමාත්‍යවරයා කියා සිටියේය.  

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර මේ වනවිට පරික්ෂා කර අවසන් අතර එහි නිරවද්‍යතාව පරික්ෂා කිරීම හා දත්ත ඇතුළත් කිරීම පමණක් මේ වනවිට ඉතිරි වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ඇදිරි නීතිය පවතින කාල සීමාවේ ද එම කටයුතු සිදුකර ප‍්‍රතිපල නිකුත් කිරීමට කටයුතු සිදුකරන බවද අලහප්පෙරුම මහතා පැවැසීය.

නිලධාරින් 35 දෙනෙකුට දින 14 කදී මෙම කටයුතු අවසන් කළ හැකි බවත් ඇදිරිනීතිය පවතින අවස්ථාවේම එම කටයුතු නිමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බැවින් ඒ සදහා වෙනම හෝටලයක් වෙන් කර ගෙන එහි සිට කටයුතු කරන බවත් මෙම කටයුතු නිමා කර 30 වැනිදාට ප‍්‍රථම ප‍්‍රතිපල නිකුත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුව ඇමතූ තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ පාසල් ආරම්භ කරන දින සිට සති දෙකක  කාලයක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සදහා අයැදුම් කිරීමට කාලය ලබාදෙන බවයි.

මහපොල ආධාර මුදල් විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ දිනය වනවිට ඔවුන්ගේ ගිණුම්වලට බැර කර අවසන් කළ බව ද අමාත්‍යවරයා පැවසීය.

විශ්ව විද්‍යාල අධ්‍යාපන හා උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට විදුලි සංදේශ ආයතනවල අනුග‍්‍රහයෙන් ගාස්තු අයකිරීමකින් තොරව අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනය ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
 



අදහස් (6)

උසස් පෙළ විභාගය කල් දමන්නේ නෑ

surath Wednesday, 01 April 2020 03:35 PM

වසංගතය පැතිරෙන අවධියක බොලඳ කතා වලින් පලක් නැත...

:       0       6

ලියනගේ Wednesday, 01 April 2020 04:49 PM

ඩලස් අලහප්පෙරුම කිවත් නැතත් කිසිම සිසුවකු උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නොපැමිණෙනු ඇත. පාසල් විබාග මෙන්ම මැතිවරණයද වසරකින් කල් යනු ඇත. චොවිඩ්-19 සදහා ප්‍රතිකාරයක් සොයා ගන්නාතුරු කිසිවකු කිසිම පොදු කටයුතු සදහා යොදා ගැනීම රජය නවතා දැමිය යුතුවේ...

:       0       8

Prabha Wednesday, 01 April 2020 04:58 PM

කටවහගෙන ඉන්න තාක්කල් මෝඩයාත් පණ්ඩිතයෙක්ලු

:       0       5

සිළුණි මධූෂා Friday, 19 March 2021 12:46 PM

අපි කොහොමද විභාගෙ ලියන්නෙ අපේ විෂය ධාරාව තවම ඉවර නැතිකොට . අපි ආත්ම විශ්වාසයකින් ගිහින් විභාගෙ ලියන්නෙ කොහොමද . ඇත්තටම සාමාන්‍ය පෙළ මාර්තු වෙනකම් කල් දැම්මනම් උසස් පෙළ නොවැම්බර් වලට දැම්මොත්නේ හරිම කාල පරාසය තියෙන්නෙ , මෙකනම් ඇත්තටම පීඩනයක්

:       0       2

Gayan Saturday, 11 September 2021 11:32 AM

අනේ මේ අපි උත්තර විදිහට ලියන්නේ මොනාද දන්නෑ..

:       0       1

# Wednesday, 05 October 2022 12:55 PM

කල් දාන්න එපා... ඉල්ලීමක් කරන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31236 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site