කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් මෙම මාසයේදී නැවත විවෘත කිරීමට නියමිත බව එරට රජය පවසයි.
ජුනි මස මුල සිට රට පුරා ප්‍රාථමික, මධ්‍යම හා උසස් පාසැල් වල නව අධ්‍යයන වාර ආරම්භ වන අතර පෙර පාසැල් නිරෝධායන නීති රීති වලට අනුව ආරම්භ කිරීම සලකා බලන බව රජයේ ප්‍රවෘත්ති උපුටා දක්වමින් යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
පාසැල්, පන්ති කාමර හා කාර්යාල වල සෑම ගේට්ටුවකටම උෂ්ණත්වමාන සහ සනීපාරක්ෂක යන්ත්‍ර ලබාදෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත.
වයිරසයෙන් වැලැක්වීම සඳහා පනවා ඇති ආරක්ෂක නීති රීති වලට අනුකූල වන ලෙස අධ්‍යාපන ආයතන වල සේවකයින්ට උපදෙස් ලබාදී තිබේ.
අප්‍රේල් මස මුල් කාලයේ ආරම්භ කිරීමට නියමිතව තිබණු නව පාසැල් වාරය කොරෝනා වසංගතය හේතුවෙන් වරින් වර කල් දැමිණ.
කෙසේ වුවද සමහර විශ්ව විද්‍යාල සහ උසස් පාසැල් අප්‍රේල් මස මැද භාගයේදී ආරම්භ කිරීමට අවසර ලබා දී තිබිණ.
ප්යොන්ග්යැං නගරයේ ආසාදිතයන් කිසිවකු වාර්තා නොවුවද දේශ සීමා වසා දැමීම සහ ජනතාව හුදකලා කිරීම ඇතුළු දැඩි නීති රීති පනවා තිබිණ.
විශ්ලේෂකයන් පවසන්නේ අසල්වැසි චීනයේ ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ වසංගතයෙන් උතුරු කොරියාවට ගැලවීමක් නැති බවයි.
උතුරු කොරියාවේ කඩා වැටුණු සෞඛ්‍ය පද්ධතිය හමුවේ මෙවැනි දරුණු වසංගයක් මැඩපැවැත්වීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවත් ඔවුහු පවසති.
උතුරු කොරියාවේ අසාදිතයින් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් පවසන නමුත් විදෙස් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ වයිරසය රටට ව්‍යාප්ත වි ඇති බවයි.
(ඒඑෆ්පී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි
Siva Tuesday, 02 June 2020 06:44 AM
ඔන්න පේනවනේ.. ඒක හින්දා අපිත් මෙහෙ ඇරලා ඉක්මනටම ඡන්දෙ තියලා තුනෙන් දෙක අරන් දෙමු රට හදන්න එයාලට.. කොරෝනා හදාගෙන හරි ඇවිත් රට ඉන්න අයට පුලුවන්නේ එතකොට යුතුකම් ඉටු කරල යන්න.. අනේ ඉක්මනට අපි ඡන්දෙ තියමු..ප්ලීස්..ප්ලීස්...