(රේඛා තරංගනී ෆොන්සේකා)
අඩු ආදායම් ලාභී පවුල් වලට සහන සලසන්නා සේම මධ්‍යම පාන්තිකයන්ටත් තමන්ගේ රත්තරන් ආභරණ හෝ උගසට තබා දරුවන්ට කෑමට යමක් මිලදී ගැනීමට හැකිවන පරිදි බැංකු සහ උගස් මධ්‍යස්ථාන විවෘත කර දෙන්න‘යි කොළඹ සහ ඇඳිරිනීතිය මෙතෙක් ඉවත් නොකළ ප්‍රදේශ වල මධ්‍යම පන්තික ජනතාව පවසති.
“අපේ පවුල් වල දරුවෝ බඩගින්නේ. රත්තරන් බඩුවක් හරි උගස් තියලා ගෙදරට හාල් පොල් ටිකක් ගන්න බැංකු සහ උගස් මධ්‍යස්ථාන ඔසුසල් ක්‍රමයට හෝ ඇර දෙන්න කියන එකයි අපේ ඉල්ලීම“ යයි අයෙක් පැවසීය.
“අපි රජයට කරදර කරන්න ගිය අය නෙවෙයි. කොහොම හරි කාටවත් අත නොපා ජීවත් වුනා. අද හැම කෙනාම අඩු ආදායම්ලභි ලේබලය ගහගෙන සමෘධි සහ අනෙක් සහන ගන්නවා.....අප ජීවත් වුන විදිහට කව්රුහරි ලබා දෙන බඩු මල්ලක් ගන්න යන්න බෑ. ඒත් අතේ සල්ලිත් නෑ. කර කියාගන්න දෙයක් නැති තත්වෙට අපි පත්වෙලා...“
“අපි කාගෙන්වත් සහනාධාර ඉල්ලන්නේ නෑ. ගෙයි රත්තරන් බඩු තිබුනට ඒවා කන්න බෑ . ඒත් ඒවා උගස් තියලා සල්ලි ගන්න ක්‍රමයක් හෝ අපට නැති වුනොත් දරුවන්ට වෙන්නෙ බඩගින්නේ මැරෙන්න.... අපි ඉන්නේ තට්ටු නිවාස වල ගම්වල අයට වගේ ගහක කොස් ගෙඩියක් කඩාගෙන, වැවක මාලුවෙක් අල්ල ගන්නවත් අපට බෑ. ඒ නිසා මේ ගැන අවධානය යොමු කරන්නයැයි අපි ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා“ යයිද නම සඳහන් කිරීමට අකමැති වූ අයෙක් පැවසීය.
COMMENTS
රාජිත හා මංගලගේ ඒකාබද්ද ප්‍රකාශයක්
මධ්‍යම පංතික තත්ත්වයට පත්වීම කියන්නේ රටකට වගේම මහජනතාවටත් උගුලක් වගේ පේන්නේ .
බඩු ලොරි ඒමත් නතර කරලා.බඩු ගන්න මිනිසුන්ට සල්ලි නෑ. නිකන් තෙල් පුච්චගන්නේ මොකටද ? මේ ඇදිරි නීති ක්‍රමයේ වරදක් හැමෝම වගේ කියනවා. විෂබීජය හමුඋනු පුද්ගලයාගේ නිවාස ,ගම ,නගරය පමණක් වහන්න. මුළු දිස්ත්‍රික්කයම ඇදිරි නීතිය දැමීමෙන් වෙන්නේ සියලුදෙනාම හාමතේ මියයාමය. දැනටමත් එදා වේල හොයා ගන්න අයගේ දරුවන් කුසගින්නේ
මම ඉන්නේ මාලබේ. මගේ නිවස අවට ඉන්නේ රජයේ, පුද්ගලික අංශයේ සාමාන්‍යය මට්ටමේ රැකියා කරන උදවිය සහ සාමාන්‍ය ආකාරයට ව්‍යාපාර කරගෙන ජිවත් වන අය... ඒ බොහෝ දෙනෙක් ලග ඉතිරිව තිබුණු මුදල් දැන් ඉවරයි. මොකද අපි හැමෝම මේ මාසේ පඩි ගන්නවා, ඊලග මාසය එනකොට ඒක ඉවරයි, ආයේ ඊලග මාසේ පඩියෙන් ජිවත් වෙන්නේ. බොහෝ සමාගම් පඩියෙන් 60 % ක් වගේ තමයි දුන්නේ. ව්‍යාපාර කරපු අයට කිසිම අදායමක් නැහැ. භාණ්ඩ විකුණන වෙළෙන්දන් දින කීපයක් ආවත් ඔවුන් දැන් එන්නේ නැහැ වෙළදාමක් නැති නිසා. මොකද මිනිසුන් ලග මුදල් නැහැ භාණ්ඩ ගන්න. මෙතරම් ගණනක් එක දිගට ඇඳිරි නිතිය දමන බවක් රජය කිවේ නැ. ඔවුන් කිවේ භාණ්ඩ එකතු කරගෙන නිවසේ ගොඩ ගසා ගැනීමේ පලක් නැහැ කියලා. රජයේ ඉහල තීන්දු තීරණ ගන්නා උදවියට පෙනෙන්නේ නැද්ද ජනතාව විදින දුක? බහුතර විද්‍යුත් මාධ්‍ය පෙන්වන්නේ ඇත්ත නෙමෙයි. ලංකාදීප පුවත්පත මේ ගැන සදහන් කරාට ස්තුතියි. පුවත්පත් වල සේවය කෙරූ මාධ්‍ය මිතුරන් පවා මේ වනවිට ගැටළු වලට මුහුණ දීලා ඉන්නා බව අප දන්නවා.
හාමතේ නිවෙස් තුලට වෙලා ඉන්න මිනිසුන් දුර්වල වෙනවා ඔවුන් මේ විදිහට තව සති දෙකක් හිරවෙලා සිටියොත් බඩගින්නේ හෝ වෙන ලෙඩරෝග වලින් මිය යන්න පටන්ගනිවී... ශරීර ශක්තිය දුර්වල මිනිස්සු ලෙඩරෝග වලට භාජනය වීමේ හැකියාව ඉතා වැඩිය. කොරෝන තිබෙන දිස්ත්‍රික්ක පමණක් වහල අවුරුද්දෙන් පස්සේ අනිත් දිස්ත්‍රික්ක විවුර්ත කරන්න බලන්න...
බොරු කතා කියන්න එපා... කෑමබීම, ලොරි ඔනතරම් එනවා... ටික කාලයක් ඉවසලා ඉන්න...
සෞඛ්‍ය අංශයේ අයටත් ඇයි මෙ යතාර්ථය නොතේරෙන්නේ?