කොවිඩ් - 19 වසංගතය පැතිරීම හේතුවෙන් බැංකුවලින් මුදල් ආපසු ගැනීම සීමා කිරීමට ඊජිප්තු මහ බැංකුව කටයුතු කර තිබේ. ඒ අනුව එක් පුද්ගයකුට දිනක දී ආපසු ගත හැකි උපරිම මුදල ඊජිප්තු පවුම් 10,000ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් 635කි. එය ශ්‍රී ලංකා රුපියල් 120,000 ක් පමණ වෙයි
ඊජිප්තුවේ සමාගම් වලට බැංකුවකින් ගත හැකි සීමාව ඊජිප්තු පවුම් 50,000කි. එසේ වුව ද සේවක වැටුප් ගෙවීම හෝ දිමනා ගෙවීම සඳහා මුදල් ලබා ගන්නා ව්‍යාපාර සඳහා මුදල් ආපසු ගෙවීමේ සීමාවක් නොමැති බව ද එරට මහ බැංකු ප්‍රකාශකයකු පවසයි.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මගින් මුදල් ආපසු ගන්නේ නම් එය ඊජිප්තු පවුම් 5,000කට සීමා කර ඇති අතර ටෙලර් යන්ත්‍ර භාවිතා කරමින් තැන්පත් කළ හැකි උපරිම මුදල ද පවුම් 5,000ක් ලෙස සීමා කර තිබේ.
පසුගිය සති තුන තුළ ඊජිප්තු පවුම් බිලියන 30ක් හෙවත් ඇමෙරිකන් ඩොලර් බිලියන 11.91ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 367ක් පමණ.) බැංකුවලින් ඉවත්කර ඇතැයි ඊජිප්තුවේ මහ බැංකු අධිපති තාරෙක් අමර් පවසා තිබේ.
ඔහු මෙසේ ද පවසා තිබේ.
''පුද්ගලයන් තමන්ට අවශ්‍ය නොවුනත් බැංකුවලින් මුදල් ලබා ගන්නා බව අපට පෙනී ගියා. පසුගිය සති තුනේ දි ඔවුන් පවුම් බිලියන 30ක් ඉවත් කරගෙන තිබෙනවා. අපට යම් විනයක් තිබිය යුතුයි. අපි ජීවත්වෙන්නේ පොදු සමාජයේ. අන් අය ගැනත් අපි සිතා බැලිය යුතුයි. මුදල් නෝට්ටු භාවිතය සීමා කරන ලෙසත් විද්‍යුත් මුදල් හුවමාරු සහ විද්‍යුත් මුදල් ගෙවීම් මත විශ්වාස තබන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. "
ඊජිප්තුවේ මේවනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 609ක් සහ මරණ 40ක් වාර්තා වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
11
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තුව බැංකු ගනුදෙනු සීමාකරයි