කෝවිඩ් - 19 යනුවෙන් නම්කරනු ලැබ ඇති කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානය තුළ තවත් මරණ 129ක් වාර්තා විය.
කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 162ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබේ.
ඉරානයේ අලුත් රෝගීන් 1053ක්ද, ස්පාඤ්ඤයේ අලුත් රෝගීන් 1203ක්ද වාර්තා විය.
මාර්තු මස 16 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 174,940 ක් වූ අතර මරණ 6,687ක් වාර්තා වී තිබිණ. රෝගීන් 77,867ක් සුවය ලබා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd