හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඉරණවිල ඇමෙරිකන් හඩ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15 ) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිව් දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
මෙසේ යාපනය පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඉරණවිල කොරෝනා ප්‍රතිකාර ඒකකයට රැගෙන විත් ඇත්තේ යාපනය ප්‍රදේශයේ දේව ගැතිවරයකුගේ යාඥා දේව මෙහෙයට එක්වු පිරිසෙන් සිව් දෙනෙකු බව කියයි.
මෙම පිරිස අවුරුදු 18, 25 , 30 , 50 සිමාවල පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු බව කියයි.
මොවුන් යාපනයේ සිට යුද හමුදා ආරක්ෂාව යටතේ ගිලන් රථ මගින් රැගෙන එම 15 රාත්‍රි 7 ට පමණ සිදුවිනි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික උත්සව කියන්නේ ලෙඩ බෝ කරන ස්ථාන බවට පත් වෙලා. ඒ කියන්නේ මේවා මෙහෙයවන්නන් ඒ ඒ ශාස්තෘන් වහන්සේලාගේ නියම ආගමික අනුගාමිකයින් නොවෙන බවද? හිතන්න කාලේ හොඳයි.