IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සිය අදහස් දැක්වීමේදී තමාට මෝඩයා යැයි ඇමතීම වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (එජානිපෙ) මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා සභාවේ රැස්වීම් මේසය මත නැටී සිටිමින් විරෝධය පල කිරීම නිසා අද ( 05) දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම තුල උණුසුම් ස්වරූපයක් ඇතිවිය.

ඉමදුව ප්‍රාදේශීය සභා සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රා දේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන අතර තුර අදහස් ප්‍රකාශ කිරීමේ දී පොදුජන පෙරමුණේ ප්‍රා දේශීය සභා මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා මෙසේ තමන්ට මෝඩයා ලෙස ආමන්ත්‍රනය කල බවත් , දළු අදින මන්ත්‍රී මෝඩයා ලෙස තමන්ට අපහාස කර බවත් වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර යුතු බවත් පවසමින් මෙසේ රැස්වීම් මේසය උඩ නඟිමින් ඒ.ජී.අරුණ මන්ත්‍රීවරයා සිය විරෝධය ප්‍රකාශ කලේය.

කෙසේ නමුත් පොදුජන පෙරමුණ මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට එකඟ නොවීම නිසා සභාව තුල ඇතිවූයේ දැඩි උණුසුම් තත්වයකි.

පසුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා අරුණ මන්ත්‍රීවරයා රැස්වීම් මේසයෙන් බැස්සවීම සදහා කිහිප විටක්ම උත්සාහ කරද එම තත්වය අසාර්ථක විය.

කෙසේ නමුත් පසුව ඉමදුව ප්‍රා දේශීය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා සභාවේ මූලාසනයේ සිටිය දීම ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතා (ශ්‍රීලංපොජපෙ) මැදිහත් වී අමරසේන ලියනපතිරණ මන්ත්‍රීවරය වෙනුවෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් එම නිසා රැස්වීම් මේසයෙන් බැස සභාව පවත්වාගෙන යාමට සහය දෙන මෙන් ඉල්ලා සිටි අතර පසුව ඒ.ජී අරුණ මන්ත්‍රීවරයා රැස්වීමේ මේසයෙන් බැස සිය විරෝධතාවය අවසන් කරන ලදී.



අදහස් (2)

ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Prasad Tuesday, 05 May 2020 11:09 AM

ඔය වචනෙ හැටියට ගැලපෙන ඔය පැත්තේ පොහොට්ටු ලොක්කා...

:       54       215

කපුරුහාමි Tuesday, 05 May 2020 01:33 PM

ඇත්ත තිත්ත. කවුරු උනත් කියපු කතාව හරි. උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ කියන්නේ ඔයිට වැඩිය දේවල්.

:       7       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site