IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )
 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව   ඉන්දියාවේ නවදිල්ලි නුවර  අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 143 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(29) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1196 දරන මෙම විශේෂ ගුවන් යානය අද(29 ) දින දහවල් 1.40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවරින් පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 4.35 ට කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩබස්වනු ලැබීය .
 
පසුව මෙම සිසුන් විශබීජ හරණය කිරීමෙන් අනතුරුව , නීරෝධායන කටයුතු සදහා ශ්‍රී යුධ හමුදා බස් රථ මගින් එම මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය .
 
ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට මෙම ගුවන් යානය පැමිණීමත් සමග ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටියදී මෙරටට පැමිණීමට නොහැකිව සිටි සිසුන් මෙරටට ගෙන ඒමේ පළමු අදියර අවසන් වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .
 
විවිධ රටවල් වෙත ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් මෙම කොරෝනා වසංගත තත්වය යටතේ තමන් කඩිනමින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා මෙන් ඉල්ලීම් විශාල වශයෙන් ඉදිරිපත් වී තිබුණි .
 
එම ඉල්ලීම් අතරින් රජය සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් එම රටවල අතරමං වී සිටින සිසුන්  වෙත ප්‍රමුඛත්වය  ලබා දී තිබුණි .
 
ඒ අනුව එම රටවල් අතුරින් රටවල් 04 කින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා මගින් , ශ්‍රී ලාංකික සිසුන් 946 ක් යළි මෙරටට රැගෙන පැමිණ තිබේ .
 
ඒ අතරින් ඉන්දියාවේ ගුවන් තොටුපළ 05 ක සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 05 ක් මගින් ශ්‍රී ලාංකික සිසුන් 684 ක් මෙරටට ගෙනැවිත් තිබුණි .
 
ඉන්දියාවේ අමිර්තසාර් , මුම්බායි , කොයිම්බතූර් , බැංගලෝර් සහ නවදිල්ලි එම ගුවන් තොටුපළ 05 යි .
සිසුහු   නීරෝධායන මධ්‍යස්ථාන වල නීරෝධායනය සදහා යොමු කර තිබේ .



අදහස් (1)

ඉන්දියාවේ සිට තවත් සිසුන් 143 ක් ශ්‍රී ලංකාවට

Buddhika Wednesday, 29 April 2020 03:27 PM

රජයෙන් ඉගෙන ගන්න යැව්වා කියලා srilankan flight යවල ගෙනල්ලා තියෙන ගොඩක් අය ලංකාවේ සල්ලි විදේශ වලට dollars වලින් යවල ඉගෙන ගත්ත ලොකු පවුල් වල දේශපාලන සම්බන්ධ තියෙන කට්ටිය ..පිටරට job කරන්න ආපු අයගෙන් තමයි ලංකාවට විදේශ විනිමය dollars වලින් එවන්නේ ..එයාලට දේශපාලන සම්බන්ධකම් නැහැ ...ඇත්ත කතාව ඕක තමයි ... විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ ලොක්ක නොකියා කියන්නේ ....ඔහොම අල්ලන් ඉන්නකො...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 356 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site