IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට අතරමං වී සිටින , තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා අද (25)  දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම සිසුන් ඉන්දියාවේ උසස් අධ්‍යාපන කටයුතු සදහා එරටට ගොස් තිබූ අතර , කොවිඩ් - 19 වසංගත රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාව තුළ කොටු වී තිබේ.

ඔවුන් මෙරටට  රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය අද (25) දින උදෑසන 9.10 ඉන්දියාවේ මුම්බායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
 
මෙම ගුවන් යානය දහවල් 11.30 ට ඉන්දියාවේ මුම්බායි වෙත ළගා වීමට නියමිතය .
 
මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර , මෙම ගුවන් යානයෙහි ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු නොවීය .

මෙම ගුවන් යානය දහවල් 2.55 ට මෙම සිසුන් පිරිස රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .



අදහස් (2)

ඉන්දියාවේ සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට යානයක් පිටත්ව යයි

siri Saturday, 25 April 2020 07:49 AM

අපේ රටේ ප්‍රචාරය වෙන්නේ මෙම ක්‍රියාවලිය රජයේ වියදමෙන් සිදුකරන දෙයක් ලෙසට වුණත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකුත් කර ඇති ලිපියක් සමඟ මේ ගැන අන්තර් ජාලයේ ඇති වාර්තාවකින් කියන්නේ මෙලෙස ඉන්දියාවේ සිට රැගෙනඑන එක පුද්ගලයෙකුගෙන් රුපියල් 1,30000 කට ආසන්න මුදලක් අයකර ගන්නා බවයි. ශ්‍රී ලන්කන් ලිපියෙහි එම මුදල් ගෙවිය හැකි ආකාරයද පැහැදිලි කර තිබෙනවා.

:       0       0

Thushara Sampath Edirisinghe Saturday, 25 April 2020 07:54 AM

රුපියල් කෝටි ගණනින් ලංකාවට විදේශ විනිමය ගෙන එන්නාවූ මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් එන්නේ කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 358 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site