මැයි මස 04 වනදා දක්වා පනවා තිබූ ඉන්දියාවේ අගුලු දැමීම තවත් සති දෙකකින්, එනම් මැයි 18 වනදා දක්වා දීර්ඝ කරන බව බලධාරීහු පවසති.
කොරෝනා වයිරස ව්‍යාප්තිය අනුව ඉන්දියාව රතු, තැඹිලි සහ කොළ ලෙස කළාප වලට වෙන් කර ඇති අතර රෝගින් වැඩිපුර හමුවන ප්‍රදේශ රතු ලෙස නම්කර තිබේ.
දින 21කින් රෝගීන් වාර්තා නොවූ ප්‍රදේශ හරිත කළාප ලෙස නම්කර ඇත.
වයිරස ව්‍යාප්තිය අඩු ප්‍රදේශවල යම් ලිහිල් කිරීම් සඳහා අවසර දී ඇතැයි සඳහන් වේ.
ඉන්දියාවේ ප්‍රධාන නගර සියල්ලම රතු කළාප ලෙස නම්කර ඇති අතර දැඩි අගුලු දැමීමේ නීති පනවා තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් මාර්තු 24 වනදා හදිසියේ ඉන්දියාව පුරා අගුලු දැමීම ක්‍රියාත්මක කළේය.
ඉන්දියාවේ මේ වනවිට කොරෝනා රෝගීන් 37 257ක් වාර්තා වන අතර මරණ 1 223ක් සිදුවී තිබේ.
රෝගයෙන් සුවවූ සංඛ්‍යාව 10 007කි.
කෙසේවුවද බීබීසී පුවත් සේවට පවසන්නේ ඉන්දියාවේ ආසාදන සහ මරණ සංඛ්‍යාව වාර්තා වි ඇති ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බවයි.
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් පැනවුණු අගුලු දැමීම හමුවේ ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් ඉන්දියාවේ බොහෝ කම්කරුවන්ගේ ආදායම් අහිමි වි ඇති අතර මිලියන ගනනක සංක්‍රමණික කම්කරුවෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිති.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
චන්දෙ තියලා බලය වැඩිකරගන්න දගලන බලපෙරෙතයෝ නායකයෝ වෙලා ඉන්න ලංකාවේ ආණ්ඩුව පරීක්ෂණ නොකරීම මගින් ආසාදිතයන් ගණන අඩුකිරීම හා මැරුන අයගේ මරණයට හේතුව මී උණ, මී මැස්මොරය වගේ බොරු හේතු ඉදිරිපත් කරමින් චන්දය උපන්දිනේ දවසෙම තබා ගන්න මුළු රට ජාතියම විනාශයට පත් කරනවා. මින් වන්නේ රටේ වාර්තා කිසිම ජාතියක් විශ්වාස නොකිරීම නිසා ලෝකයේ සියලු රටවල් (මේ රට රාජපක්ෂලාට කොමිස් දිදී හුරාකන චීනය හැර ) තම රටේ සංචාරකයන්ට සංචාරය සදහා නුසුදුසු අනාරක්ෂිත රටක් ලෙස දිගටම නම්කරනු ඇත. එවිට රටේ සියලු හෝටල්, නවාතැන්, ඇතුළු සංචාරක කර්මාන්ත නිසා කෙළින්ම හෝ වක්‍රව රදා පවතින සියලු කර්මාන්ත වළපල්ලට යනු ඇත.