IMG-LOGO

ඉන්දියාවේ රැකියා අහිමිවූ කම්කරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ වීථි වලට එක්රැස්වූ දහස් ගනනක සංක්‍රමණික කම්කරුවන් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ බටහිර සුරත් නගරයේ රැස්ව සිටි පිරිසක් පොලිසිය සමග ගැටුම් ඇතිකරගැනීමෙන් පසු පොලිසියට ගල් මුල් වලින් දමාගැසූ බව බලධාරීහු පවසති.

පොලිසිය පවසන්නේ කලහකාරීව හැසිරුණු 93දෙනකු අත්අඩංගුවට ගත් බවයි.

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සඳහා ඉන්දියානු රජය විසින් සති තුනක අගුලු දැමීමක් ප්‍රකාශයට පත්කිරීමත් සමග රැකියා අහිමිවූ විශාල පිරිසක් ගම්බිම් බලායාම සඳහා රැස්වී සිටි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

මොවුහු දිල්ලි, මුම්බායි වැනි විශාල නගර වල සේවය කරන දුගී කම්කරුවන් වේ.

ගම්බද පෙදෙස් වල පිහිටි සිය නිවෙස් කරා යෑමට ප්‍රවාහන පහසුකම් නොමැති වීම හේතුවෙන් මොවුහු අසරණ වී සිටියහ.
බොහෝ දෙනකු කිලෝමීටර් ගනනාවක් දුර පයින් ගමන් කළ බව වාර්තා විය.

ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් 1071ක් වාර්තා වී ඇති අතර 29 දෙනකු මියගොස් තිබේ.

ඉතාලිය හා චීනය සමග සසඳන විට ඉන්දියාවේ වාර්තා වී ඇත්තේ අඩු රෝගීන් සංඛ්‍යාවකි. 

එසේ වුවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඉදිරි සති කිහිපය වඩාත් අවදානම් බවයි.

ඉන්දියාවේ පවතින දුර්වල මහජන සෞඛය පද්ධතිය හේතුවෙන් ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යැමට ඉඩ ඇති බවටද ඔවුහු අනතුරු අඟවති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ඉන්දියාවේ රැකියා අහිමිවූ කම්කරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 99 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 644 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site