IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්දියාවේ නගර 80ක සියලු කටයුතු නවතා දමයි

ඉන්දියාවේ නගර 80කට ආසන්න සංඛ්‍යාවක කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට ඉන්දීය බලධාරීහු අද (23) පියවර ගත්හ.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණක් ලෙස ඉන්දීය බලධාරීහු ඊයේ එම පියවර ගත්හ. ලොව දෙවැනියට විශාලතම ජනගහනයක් සිටින රට වන ඉන්දියාව ඊයේ (22) මුළු රටටම ඇඳිරි නීතිය ද පැනවීය.
 

‘‘කොරෝනා ආසාදිතයන් හෝ කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන පිරිස් හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක 75ක අත්‍යවශ්‍ය සේවා හැර අනෙක් සියල්ල නවතා දමනවා. ඊට අදාළ ප්‍රාන්ත ආණ්ඩු විසින් නිකුත් කරනවා’’ යැයි ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නියෝග මත පැය 14කට ඉකුත් දා ඇඳිරි නීතිය පැනවිණි.
 
‘‘මෙය දීර්ඝ සටනක ආරම්භය’’ යැයි ඇඳිරි නීතිය අවසන් වූ අවස්ථාවේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
 

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ නගර සීමාවලට සීල් තැබීමටත් ඉන්දියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය වන මුම්බායි නගරයද නව නියෝග හේතුවෙන් පාළුවට ගොස් තිබිණි.
 

නවදිල්ලියේ පමණක් මිලියන 20කට වැඩි පිරිසක් ජීවත්වෙති.
 
මාර්තු 31 වැනිදා වනතෙක් සියලු මඟී දුම්රිය ගමන් නැවැත්වීමට ඉන්දීය බලධාරීහු පියවර ගෙන ඇත. මිලියන 25කට වැඩි පිරිසක් දිනකට දුම්රිය සේවා භාවිත කරති.
 
ඒ.එෆ්.පී./රොයිටර්
 
055 



අදහස් (0)

ඉන්දියාවේ නගර 80ක සියලු කටයුතු නවතා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 43 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 711 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site