කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 54 ක් බවට පත්ව තිබේ.
වෛරසය ආසාදනයී වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 1,725 ක් වන අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 158 ක් වේ.
මේ අතර දිල්ලි නුවර රෝහලක නේවාසික වෛද්‍යවරුන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇතැයි බලධාරීන් අද නිවේදනය කර තිබේ.
ඒ අතරින් එක් වෛද්‍යවරයෙකු වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කළ අයෙකි.
වෛරසය ආසාදනය වී ඇති අනෙක් වෛද්‍යවරිය විදෙස් සංචාරයක නිරත වී පැමිණි තැනැත්තියකි.
මොවුන් දෙදෙනා සමඟ සම්බන්ධතා පැවැත්වූ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින් ද පරික්ෂාවට ලක්කර ඇති නමුත් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී නොමැත.
-226-
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉන්දියාවේ කොරෝනා මරණ 50 ඉක්මවයි