කොරෝනා වයිරසය ආසාදනයෙන් ඉන්දියාවේ මේ වන විට පුද්ගලයෝ 19 දෙනෙක් මරණයට පත්වී සිටිති.
වෛරසය ආසාදනය වී සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 873 කි.
වයිරසය ආසාධනය වූ පසු ප්‍රතිකාර ලබා සුවය ලැබූ සංඛ්‍යාව 79 කි.
මේ අතරින් වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙනි. එම ප්‍රාන්තයෙන් පුද්ගලයින් පස්දෙනෙකු මරණයට පත්වී ඇති අතර ආසාදිත රෝගීන් 180 දෙනෙකු වාර්තා වී තිබේ.
ආසාදිත රෝගීන් 173 ක් වශයෙන් දෙවැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන නමුත් එම ප්‍රාන්තයෙන් කිසිදු මරණයක් වාර්තා නොවේ.
රෝගීන් පනස්පස් දෙනෙකු ලෙස තුන්වැනියට වැඩිම ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව දෙකකි.
මීට අමතරව මරණ 3 ක් ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනෙකු එම ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
ආසාදිත රෝගීන් තිස්දෙනෙකු වාර්තා වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ රෝගීන් දෙදෙනෙකු මරණයට පත්වී තිබේ.
දිල්ලි, තමිල්නාඩු, පන්ජාබ්, බටහිර බෙංගාල, බිහාර් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්තවලින් හා ජම්මු හා කාෂ්මිර් ප්‍රදේශයෙන් එක් රෝගියා බැගින් මරණයට පත්වී ඇත.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 04
291
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කොරෝනා මරණ 19 දක්වා ඉහළට