ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද(15) වනවිට 93 දක්වා ඉහළ ගොස් තිබේ.
දිල්ලි සහ කර්නාටක ප්‍රාන්තවලින් පුද්ගලයකු බැගින් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රාන්ත 12කට වයිරසය ව්‍යාප්ත වී ඇති බව සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙයි.
රෝහල්වලට කොරෝනා රෝගීන් වෙනුවෙන් විශේෂයෙන් වෙන් කරන ලද වාට්ටු පවත්වාගෙන යාමට එරට රජය උපදෙස් දී ඇත.
මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සාක් කලාපීය රටවල නායකවරුන් සමඟ වීඩියෝ මගින් සමුළුවක් පැවැත්වීමට යෝජනා කර තිබූ අතර, ඊට ඔවුන් අනුමැතිය පළ කර තිබිණි.
තම ආණ්ඩුවේ කිසිවකු විදේශගත නොවන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය දිනක පැවසූ අතර, අනවශ්‍ය ලෙස සංචාරය නොකරන ලෙසටද, කණ්ඩායම් ලෙස එක් රැස් නොවී, කලබල නොවී සිටින ලෙසද ඔහු ජනතාවට දැනුම් දුන්නේය.
මේ වනවිට තෙලෙක්ගාන, දිල්ලි, හිමාචල් ප්‍රදේශ්, උත්තර්කන්ද්, රාජස්ථාන් සහ ගෝවේ හි පාසල් වසා දමා තිබේ. කර්නාටක ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ ආයතනවල සේවය කරන්නන්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරත වන්නැයි උපදෙස් දී ඇත.
ඉන්දියාවේ ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගියද, ආසාදිතයන් 7දෙනෙකු සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
(හින්දුස්ථාන් ටයිම්ස්)
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට