ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව වයිරසය ආරම්භ වූ චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි වාර්තා වේ.
ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි.
කෙසේ වුවද ඉන්දියාවේ ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීම් හමුවේ රෝගය බෝවන වේගය අඩුවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
එසේම චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වයිරසය ආසාදනය වූ පුද්ගලයන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ නොපෙන්වීම හේතුවෙන් මරණ අනුපාතය අඩුවී ඇතැයි බලධාරීහු පවසති.
සමස්ථ ආසාදන වලින් තුනෙන් එකක් මහාරාෂ්ට්‍රයෙන් වන අතර මුම්බායි නගරයේ වැඩිම ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.
තමිල්නාඩු, ගුජරාට සහ දිල්ලි නගර වලින්ද රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වේ.
මේවා රටේ වැදගත්ම ආර්ථික නගර වන නමුත් නැවත විවෘත කිරීම හේතුවෙන් ආසාදතයන් වැඩිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
අඩපන වූ ආර්ථිකය නැවත විවෘත කරන ලෙස ප්‍රාන්ත නායකයින්, ව්‍යාපාරිකයින් සහ කම්කරු ප්‍රජාව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලා සිටියද රජය පවසන්නේ අගුලු දැමීම දීර්ඝ කරන බවයි.
මහජන සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ ඉන්දියාවේ අති විශාල ජනගහනයක් සිටියද කොරෝනා වයිරස පරීක්ෂණ සිදුකරන්නේ අඩු ප්‍රමාණයක් බවයි.
රජය පරීක්ෂණ වේගවත් කළ ද ඉතාලිය, ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවලට වඩා ඉන්දියාව බොහෝ පසුපසින් සිටින බව ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
341
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව චීනයත් අභිබවා යයි
Suga Saturday, 16 May 2020 11:54 AM
මම දැක්කා ඉන්දියාවෙ පොලිසිය මිනිස්සුන්ට පොලුවලින් ගහනවා...එළියට බැහැලා යන්න එපා කියලා නමුත් ඒ අතින් බලනවිට ලංකාවෙ මිනිස්සු ගොඩක් නීතිගරුකයි...
Chandana-AustraliaSaturday, 16 May 2020 01:25 PM
ලංකාවේ මිනිස්සු නීතිගරුකයි කියන්නේ ලංකාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1000 ක් හින්දද? ඔය පොඩ්ඩක් හරි හොයල බැලුවද ඉන්දියාව ලංකාව වගේ කී ගුණයකින් විශාලද කියල? ලංකාව වඩා කී ගුණයක් ජනතාව ඉන්දියාවේ ඉන්නවද කියල? ඔය කියන එක හරි ඉන්දියාව ලංකාව වගේ 85ක් ගුනයක් නම්...
Anton Saturday, 16 May 2020 12:49 PM
හපොයි චීන්නුන්ව විශ්වාස කරන්න එපා.....
Asoka Saturday, 16 May 2020 06:06 PM
කොහොම හරි IPL ගහන්න මෙහෙ ලෑස්ති කරමු නේද? අපිට කොරෝන ටිකක් මදිනේ...